by Admin
27 Jan, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
අන්තරාභවය
මුල් බුදුසමය- 1 පාඩම:-අන්තරාභවයඅන්තරාභවය මහායාන ඉගැන්වීමක්ය යනුවෙන් පට්ටපල් බොරුවක් සමාජගත වෙමින් පවතී. අවාසනාවකට ඒ බොරු කතා විශ්ව විද්‍යාල මහැදුරන් අතින්ද ලියැවෙන බව පෙනේ .අන්තරාභ
මුල් බුදුසමය- 1 පාඩම:-අන්තරාභවය
අන්තරාභවය මහායාන ඉගැන්වීමක්ය යනුවෙන් පට්ටපල් බොරුවක් සමාජගත වෙමින් පවතී. අවාසනාවකට ඒ බොරු කතා විශ්ව විද්‍යාල මහැදුරන් අතින්ද ලියැවෙන බව පෙනේ .
අන්තරාභවවාදය පැන නැගුනේ දෙවැනි සහ තෙවන සංගායනා අතර කාලයේදීය. ඒ පුරුෂගති සූත්‍රයෙහි “ අන්තරාපරිනිබ්බායී” පුද්ගලයා තේරුම්ගත නොහැකිවීම මතය. මහාසාංඝිකයන්ගෙන් පැවතුන නිකාය හයක් තෙවන ධර්ම සංගායනාව වන විට අන්තරාභවය පිලිගත්ය.
ඊට පිලිතුරු වශයෙන් තෙවන ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්තතිස්ස රහතන්වහන්සේ විසින් අන්තරාභවකථාව ප්‍රකාශයට පත් කර අන්තරාභවය ප්‍රතික්ෂේප කලහ.
ඉන්පසු සිව්වන ධර්ම සංගායනාවේදී මහායානය පිලිගනු ලැබීය. මුල් මහායානිකයෝ අන්තරාභවවිරෝධී වූහ.
සූත්‍ර පිටකයේ
1. මහානිදාන සූත්‍රය
2. අංනි-කුතුහලසාලාසූත්රය
3.සංනි- කුතුහලසාලාසූත්රය
මගින් උත්පත්තීන් දෙකක් අතර ගන්ධබ්බ නම් අතරමැදි අවස්ථාවක් පැවතිය හැකි බව නිශ්චිතව පිලිගෙන ඇත.
මහායානයට අයත් අභිධර්මකෝෂයෙහි අන්තරාභවය විස්තර කර ඇති අතර එය පසුකාලීන ග්රන්ථයකි.
ටිබෙටයේ රචිත බාර්ඩෝ තොදොල්හි අන්තරාභවය විස්තර කර ඇත.