by Admin
19 Feb, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
දේව වන්දනාව:-
දේව වන්දනාව:-
බුදුන් වහන්සේ දෙවියන්ට බාර හාර වීම “ දේවතා බලි” යනුවෙන් නම් කර අනුමත කර ඇත. නමුත්, අද ලංකාවේ අදහනුයේ හින්දු දෙවිවරුන් සහ මහායානයේ එන බෝසත්වරුන්ය. බෝධිසත්ව වන්දනාව බුදුදහම සමග නොගැලපේ.
දේව වන්දනාව:-
බුදුන් වහන්සේ දෙවියන්ට බාර හාර වීම “ දේවතා බලි” යනුවෙන් නම් කර අනුමත කර ඇත. නමුත්, අද ලංකාවේ අදහනුයේ හින්දු දෙවිවරුන් සහ මහායානයේ එන බෝසත්වරුන්ය.
බෝධිසත්ව වන්දනාව බුදුදහම සමග නොගැලපේ.
නමුත්, දෙවියෙකු හෝ බෝසත්වරයෙකු සදහම් සරණ නිර්මාතෘ වෙත ඉදිරිපත් ව තමන් බෞද්ධ ක්‍රියාකාරියෙකු බව ප්‍රකාශ කල කල්හි එය තවත් සාමාජිකයෙකුට දන්වන මෙන් නිර්මාතෘ ඔවුන්ට කියයි. මෙලෙස වෙනත් සාමාජිකයෙකු දැනුවත් නොකර තිබියදී දෙවියා පමණක් දැනුවත්ව සාමාජිකයා එම දෙවියා හමු වූ බව කියයි නම් ඒ දෙවියා එතැන් පටන් සදහම් සරණෙහි සුබ පතන්නෙකු බවට පත් වේ. එනමුත් සදහම් සරණ දේව වන්දනාව සහ බෝධිසත්ව වන්දනාව අනුමත නොකරයි.
සදහම් සරණට දේශපාලන මතයක් නැත. මා 2011 දීසදහම් සරණ ආරම්භ කරන ලද්දේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මෙතෙක් කිසිවෙකු විධිමත් වැඩපිලිවෙලක් ආරම්භ නොකළ බැවිනි.
සදහම් සරණ වැටි වැටී නැගිටින කුඩා දරුවෙකුට උපමා කළ හැකිය. ඇරඹූ දින පටන් මේ සටහන ලියන දිනය දක්වාම කිසිදු ජයග්‍රහණයක සේයාවක් නොපෙනී ඇද වැටීම් සහ නැවත නැගී සිටීම් පමණක් සිදුවිය. දැන් අපට ඇද වැටීමද ඒ හා සැනින් නැගී සිටීමද හොදට හුරු පුරුදුය.
සදහම් සරණට දේශපාලන මතයක් නැත්තේ සදහම් සරණ දේශපාලනයෙහි නොයෙදෙන බැවිනි. දේශපාලන මතයත් ආගමික නිදහසත් අතර සහසම්බන්ධතාවයක් නොපෙනෙන වසර 2500 ක් අපි ගෙවා දැමුවෙමු. බෞද්ධයන්ගේ ආගමික සහජීවනය හේතුවෙන් අන්‍යාගමික මතවාද රැසක් මෙරටට ඇතුලුවී ඉතා ශක්තිමත් බලවේග කිහිපයක් බවට පත්ව ඇත. එහි සෘජු ප්‍රතිපලයක් ලෙස නොවුනත් අද බෞද්ධයෝ භේද භින්නව සිටිති. බෞද්ධයන් අතර පැවති කෝන්තරයන්හි සන්දෘෂ්ඨික විපාක වශයෙන් 2024 දී බෞද්ධයන් අතින් පාලන බලය ගිලිහී ගියේය.
කවුරු මොනවා කීවද බුදුදහමට අනන්‍ය වූ ආර්ථික දේශපාලන දර්ශනයක් නොමැත්තේය. බුදුදහම රැක ගැනීමේ එකම යාන්ත්‍රණය වූයේ රාජ්‍ය අනුග්‍රහය ලැබ එය පවත්වා ගැනීමයි. ඉන්දියාවේ මෞර්ය පාලනය බිද වැටී ශුංග රාජ්‍ය වංශය ආරම්භ වීමත් සමග ඉතිහාසයේ දැවැන්තම බෞද්ධ සංහාරය ඇරඹුනි. වෙහෙර විහාර 84000 ක් නොව අට ලක්ෂ හතලිස් දහසක් පුශ්‍යමිත්‍ර ශුංගයන් විසින් ගිනිබත් කරවන ලද බවට ඓතිහාසික මූලාශ්රයන් සාක්ෂි දරයි.
මේ අනුව නැවත ගැඹුරින් සිතන්නට අපට සිදු වේ. එනම්, බෞද්ධයන්ගේ රැකවරණය පිණිස ඇත්තේ එකම එක හේතුවකි. එය නම් රාජ්‍ය අනුග්රහයයි. එබැවින් පැහැදිළි හා තනි දේශපාලන මතයක් නොමැත්තේ වුවද බුදුදහමට රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන ක්‍රමයක් බෞද්ධයන් කල්පනා කළ යුතුය. බුදුදහමට නැවත රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට බෞද්ධයන් තනි බලවේගයක් බවට පත් විය යුතුය.
සදහම් සරණ කියන්නෙ බුදුසසුනට 2024 දී සහ 2030 සිදුවන්නට නියමිත අන්තරායන් කල්තබා දැක සම්යග්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ ආරාධනය පරිදි අරඹන ලද බෞද්ධ වැඩසටහනක්.
බුදුන් වහන්සේ විසින් හදුන්වා දුන් පිරිසිදු බුදුදහම රැක ගැනීමට, ව්‍යාප්ත කිරීමට යම් වැඩසටහනක් ක්‍රියාත්මක වේ නම්, ඒ සදහම් සරණ පමණයි.
සදහම් සරණ ඇතුලාන්තයෙන්ද පිටතින්ද පිරිසිදුයි.
නිලන්ත හෙට්ටිගේ...