Working: 8.00am - 5.00pm
ලක්දිව බුදු සසුනේ අතීතය වර්තමානය සහ අනාගතය:- මගේ මතය ලංකාවෙ බුදුසසුන වෙන කවදාටත් වඩා ශීඝ්‍රෙයන් පිරිහෙමින් පවතින බවයි. මෙතෙක් අඛණ්ඩව පැවති රාජ්‍ය අනුග්‍රහය අවසන් වීම ඊට එක හේතුවක්. භික්ෂු වෙසින් පෙනී සිටින ව්‍යාරික සමූහය බුදුසසුන වියලවන්න තව හේතුවක්. තුන්වන හේතුව තමයි අන්‍යාගමික කුමන්ත්‍රණ. කවුරුත් කතා නොකරන හතරවන හේතුවකුත් තියෙනව. ඒ හේතුව තමයි ලංකාවෙ නැතිවෙන්න බුදුසසුනක් ඉතුරු වෙලා නෑ. බුදුසසුන අවසන් වෙලා ගොඩාක් කල්. බුදුසසුන අවසන් වුනේ බුද්ධගෝෂයන් අටුවා ලියපු කාලෙ.
ලක්දිව බුදු සසුනේ අතීතය වර්තමානය සහ අනාගතය:-
මගේ මතය ලංකාවෙ බුදුසසුන වෙන කවදාටත් වඩා ශීඝ්‍රෙයන් පිරිහෙමින් පවතින බවයි.
මෙතෙක් අඛණ්ඩව පැවති රාජ්‍ය අනුග්‍රහය අවසන් වීම ඊට එක හේතුවක්.
භික්ෂු වෙසින් පෙනී සිටින ව්‍යාරික සමූහය බුදුසසුන වියලවන්න තව හේතුවක්.
තුන්වන හේතුව තමයි අන්‍යාගමික කුමන්ත්‍රණ. කවුරුත් කතා නොකරන හතරවන හේතුවකුත් තියෙනව.
ඒ හේතුව තමයි ලංකාවෙ නැතිවෙන්න බුදුසසුනක් ඉතුරු වෙලා නෑ.
බුදුසසුන අවසන් වෙලා ගොඩාක් කල්.
බුදුසසුන අවසන් වුනේ බුද්ධගෝෂයන් අටුවා ලියපු කාලෙ.
දැන් තියෙන්නෙ බුද්ධගෝෂයන් බුදුදහමෙන් කොන් ටිකක් අල්ලගෙන යෝග සූත්‍රය සමග
පෑහෙන්න හදපු එයාගෙම ආගමක්.
ඕකතමයි ඇත්ත කතාව.
බුද්ධගෝෂාගම බුදුදහමෙන් වෙනස්.
බුදුදහම යථාර්ථවාදීයි.
බුද්ධගෝෂාගම එහෙම නෑ. බුදුදහම සරලයි. බුද්ධගෝෂාගම සංකීර්ණයි.
බුද්ධගෝෂාගම තවදුරටත් කාලය දිගේ අවුරුදු 1500 ක් විතර ඉදිරියට ඇදීගෙන ඇවිත් තව තව කෑලි එකතු වෙලා අද තියෙන ජනප්‍රිය බුද්ධාගම බවට පත්වෙල තියෙනව.
ජනප්‍රිය බුද්ධාගම කියන්නෙ බුදුදහමෙ තියෙන හරාත්මක ඉගැන්වීම් පසෙකලා හුදී ජන පහන් සංවේගය සදහාම හදපු වන්දනාමාන පූජා සහ උත්සව වලින් සමන්විත සාටෝපවත් ඇදහිල්ලක්.
බුදුදහම, බුද්ධගෝෂාගම සහ ජනප්‍රිය බුදුදහම කියන්නෙ ආගම් තුනක්.
ඒ තුන අතර වෙනස කොච්චරද කීවොත් එක කකුලත් ජනප්‍රිය බුද්ධාගමේ තියාගෙන අනික් කකුල බුදුදහමෙ තියාගෙන ඉන්න බෑ. ඇදගෙන වැයටනව. අද බෞද්ධයන් ඉන්නෙ මම කියන ඒ ඇදගෙන වැටීම තුල.
වඩාත් නිවැරදිව කීවොත් අද බෞද්ධයන් කරන්නෙ ඇදගෙන නෑමක්.
අද වන විට බෙ!ද්ධයන්ගෙන් සියයට අසූවක් විතර ණයගැතිභාවයෙන් පීඩා විදිනව. ගාල්ලෙ විතරක් ගත්තොත් බෞද්ධයන්ගෙ ව්‍යාපාර සියල්ලම ඇදගෙන වැටෙමින් තියෙන්නෙ. බෞද්ධයන්ට අයිතිව තිබූ ව්‍යාපාරික ස්ථාන 75% විතර වැහිලම ගිහින්. ඒ තැන් වල දැන් තියෙන්නෙ එකම ආගමික නිකායක අයගෙ වෙළද ස්ථාන.
ඒ වගේම මත්කුඩු මත්පැන් වගේ වලට ඇබ්බැහි වුන වැඩි දෙනෙක් බෞද්ධයො. පාතාලයෙන් 75% ක්ම බෞද්ධයන්. වැඩිපුරම ඉන්නෙ ගාල්ලෙ ගම් දෙකක එකම පරම්පරා කුලකයක අය.
මෙතැනදි අපි තේරුම් ගන්න ඕන.
අපි යන්නෙ වැරදි පාරක.
මේ පාරෙ තව දුර ගියොත් අපි ඔක්කොම ප්‍රපාතයකට ඇද වැටනෙව කියල.
මේ ගත වෙත්නෙ රටක් ජාතියක් හැටියට අපට ගැලවෙන්න තියෙන අන්තිම අවුරුදු කිහිපය. අපි ලෝකෙටම ණය ගැතියි.
අපේ බෞද්ධ නායකයො සේරම හොරු.
අද බුදුදහමෙ ලොකුම තනතුරු ගාණක් තියෙන්නෙ දරුණු වනචර භික්ෂු වේශධාරීන් පිරිසක් අතේ.
මේ තත්වය තුල අප කුමක් කළ යුතුද?
උත්තරය සරලයි. හැබැයි ක්‍රියාවට නංවන්නයි අපහසු. ලංකාවෙ අපි කවුරුත් යථාර්ථවාදීව හිතන්න පුරුදු වෙන්න ඕන.
නාස්තිකාර පූජා විධි උත්සව සියල්ල නවත්වන්න ඕන. අප පසුකරගෙන ලෝකය වේගවත් ගමනක් යනව.
අපි ඒ ගමනට එකතු විය යුතුයි.
ඒ වගේම ඉතාම ඉක්මනින් පිරිසිදු බුදුදහම නැවත බලගැන්විය යුතුයි.
පිරිසිදු බුදුදහම බලගැන්වීම පිණිස මම 2012දි සදහම් සරණ ව්‍යාපාරය ආරම්භ කළා. රුපියල් කෝටි ගණන් බුදුදහම ප්රචාරයට වියදම් කලත් භාවනා වැඩසටහනකට තවමත් එන්නෙ ටික දෙනයි.
ෂෝපෙන්හවර් කියන දාර්ශනිකය කියන විදියට සත්‍යය යථාර්ථය කියා දෙන කොට අහන්න අය නෑ. හිතට වැදෙන සුරංගනා කතා කියන කොට ඕන තරම් සෙනග.
ෂෝපෙන්හවර් කියන හැටියට ලෝකයෙ මෝඩයො වැඩියි. බුද්ධිමතුන් අඩුයි. මෝඩයන්ට ආමන්ත්‍රණය කරනව නම් කෙටි කාලයක් තුල ලොකු පිරිසක් එකතු කරන්න පුලුවන්.
මම සදහම් කරණ වැඩසටහන් ගෙන යන්නෙ මෝඩයන් සදහා නෙවෙයි.
අතිශය බුද්ධිමතුන් සදහාමයි. බුද්ධිමතුන් පමණක් මා යන ගමනට එක් වන්න.
අනිත් අය තමන්ට කැමති ගමනක් යන්න.
Nilantha Hettige.
Sadaham Sarana - Copyright . All rights reserved.