Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙළක්- 9 ඇලවීම-ගැලවීම, ඉක්මයාම-නික්මයාම- ජනප්‍රිය ථෙරවාද සම්ප්රදාය තුළ පවතින දෝෂ රැසක් මට ඒක හුස්මට කියාගෙන කියාගෙන යන්න්න පුලුවන්. මම ඒ තරමට ථෙරවාදී ක්‍රමය අධ්‍යයනය කරල අත්හදා බලල තියෙනව. ඒ වගේම බුදුහාමුදුරුවො කිසි කවර කලෙක ථෙරවාදයක් දේශනා කළේ නෑ.
සත්‍යාවබෝධයට පියගැට පෙළක්- 9
ඇලවීම-ගැලවීම, ඉක්මයාම-නික්මයාම-
ජනප්‍රිය ථෙරවාද සම්ප්රදාය තුළ පවතින දෝෂ රැසක් මට ඒක හුස්මට කියාගෙන කියාගෙන යන්න්න පුලුවන්. මම ඒ තරමට ථෙරවාදී ක්‍රමය අධ්‍යයනය කරල අත්හදා බලල තියෙනව. ඒ වගේම බුදුහාමුදුරුවො කිසි කවර කලෙක ථෙරවාදයක් දේශනා කළේ නෑ. නමුත්, ථෙරවාදයට පදනම් වෙන්නෙ බුදුන් වහන්සේගේ සහ මුල් කාලීන ශ්‍රාවකයන්ගෙ දේශනා මිස අන්යාගමිකයන්ගෙ මතවාද නෙවෙයි.
මම කවදත් මතක් කරන්නාක් මෙන් ථෙරවාදයට පදනම වැටුනෙ දෙවන ධර්ම සංගායනාවෙන්. ඒ කියන්නෙ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඉක්ම ගිය තැන. ඒ වන විට නැග ආ බ්‍රාහ්මණ ආගමේ බලපෑම මත ''සර්වබලධාරී චරිතයක්" නිර්මාණය කිරීමෙ හදිසි අවශ්‍යතාවයක් පැන නැගී තිබුණ බව පැහැදිළියි.
දෙවන ධර්ම සංගායනාවේ විශාල ඉඩක් වෙන් වෙන්නෙ බුදුන්වහන්සේ තුලින් සර්වබලධාරී නායකත්වයක් මවා පාන්න. බුදුන් වහන්සේ සතු විශේෂ ඥාන සම්බන්ධ කථාවන්, බුද්ධාපදානයන්, පෙර බුදුවරුන්ගේ විස්තර, ජාතක කතා මේ සේරම පැන නගින්නෙ දෙවන ධර්ම සංගායනාවෙන්.
දෙවන ධර්ම සංගායනාවෙන් පැන නැගුන ථෙරවාදය ඒහි සීමා මායිම් පනවා ගන්නේ තෙවන ධර්ම සංගායනාවෙන්. තෙවන ධර්ම සංගානයාවෙන් අන්තරාභවය ප්‍රතික්ෂේප කිරීම ථෙරවාදය මුල් බුදුදහමෙන් බිදී වෙන්වූ නිශ්චිත යූ හැරුම් ලක්ෂ්‍යයයි.
මහින්දාගමනයෙන් පසු ලංකාවෙ පැලපදියම් වෙන්නෙ ඔය කියන මුල් ථෙරවාදය.
මුල් ථෙරවාදය ඇලවීම-ගැලවීම යන දෙකෙන්ම සමන්විත අමුතු සම්ප්රදායක්. ඇලවීම කියන්නෙ සසරෙහි කැමැත්ත ඇති කිරීම. ජාතක කතා දේව කථා රාජ කථා ආදියෙන් සුපෝෂිත මුල් ථෙරවාදය ඒක අතකින් සසර වර්ණනා කළා. අනෙක් අතට සසර ගැන කළකිරෙව්වා. ථෙරවාදය ලංකාවෙ පැලපදියම් වූ පසු ගිහියන්ට සසරෙහි සැප ලබා ගන්නා ප්‍රතිපදාවකුත් පැවිද්දන්ට සසරෙන් නික්ම යන ප්‍රතිපදාවකුත් වහයෙන් වෙන් වූ ප්‍රතිපදා දෙකක් ලෙස බුදුදහම ඉගැන්වූ ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ගිහියන් අතරින් මගපලලාභින් බිහිවීම ඉතා අඩු වුනා. ගිහියන් අතර මාර්ගගපලලාභීන්භ හිටියෙ ධම්මික උපාසක, සුලුගුළු උපාසක වගේ සීමිත පිරිසක්. බුද්ධකාලෙ වගේ ගම් පිටින් මාර්ග පල ලබපු බවට සාධක සොයා ගන්න අපහසුයි. මහා පරිනිර්වාණ සූත්‍රය අනුව බුද්ධකාලයේ සමහර ගම් වල අතිබහුතරය මාර්ගපලලාභින් හිටියෙ.
අර කියපු සුලුගුළු උපාසකත් අවසන් රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව රහතන් වහන්සේත් හිටියෙ වළගම්බා රජු සමයෙ. ත්‍රිපිටකය පොත් වල ලියැවීමත් රහතන්වහන්සේලාගේ යුගය නිල වශයෙන් අවසන් වීමත් හරියටම සිදුවන්නෙ වලගම්බා රජ සමයෙ. දල වශයෙන් ගත්තොත් බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500කට විතර පස්සෙ.
ඔය සිද්ධිය ගෝතමී සූත්‍රයෙ එන ශාසන ආයුෂ කතාව ඒක්ක නූලටම පෑහෙනව. ගෝතමී සූත්‍රය අනුවත් ශාසන අන්තර්දානය සිදුවන්නෙ වසර පන්සීයක් ගතවුනාම.
අපි පිලිගත්තත් පිලි නොගත්තත් බුදුසසුන අන්තර්දාන වෙලා දැන් වසර 2000ක් ගත වෙලා ඉවරයි. බුදු සසුන පැවතෛන්න නම් පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ කියන ශාසන තුන පවතින්න අවශ්‍යයි. ප්‍රතිවේධ ශාසනය වසර 2000කට පෙරත් ප්‍රතිපත්ති ශාසනය 20 වන සියවසේ බන්ඩාරනායකගෙ පාලන සමයෙත් අවසන් වුන බව පැහැදිලියි. ප්‍රතිපත්ති ශාසනය අවසන් වීම නිලවශයෙන් සිදු වෙන්නෙ බණ්ඩාරනායක විසින් භික්ෂූන් වහන්සේලාට රැකී රක්ෂා ලබා දීම තුලින්. ඒවැනි විනාශයක් කරපු වෙන කෙනෙකු ගැන ඒකපාරට සිහිපත් කරන්න අමාරු තරම්.
තවමත් අපට සතුටු වෙන්න ඒක හේතුවක් තියෙනව. ත්‍රිපිටකය අපි අතේ තියෙනව. අපට ත්‍රිපිටකය කියවල බලන්න පුලුවන්. ඒ තුලින් නියම බුදුදහම හදුනාගන්න පුලුවන්.
මම ඒ වැඩේට අත ගැහුවෙ 2003දි විතර. 2012දි පිරිසිදු බුදුදහම හදුනාගෙන අවසන්.
මම පුදුමාකාර අත්දැකීම් මාලාවකට මුහුණ පාන්නෙ ඔන්න ඔය කාලෙදි.
පිටසක්වල බෝධිසත්වවරු කියල කොට්ඨාශයක් මට පේන්න ගන්නව. මට විතරක් නෙවෙයි අපේ ගෙදර අයටත් අමුතු ජීවි කොට්ඨාශ පෙනිල තියෙනව. මේ ලිපිය කියවන කිහිප දෙනෙකු හෝ අපේ නිවසෙදි ඒ අත් දැකීම් ලබපු අය ඉන්න පුලුවන්.
කොහොම නමුත් අර කියපු පිටසක්වල බෝසත්වරුන් මට පිලිගන්වන්නෙ ඔවුන්ගේ ලෝකවල පවතින බුදුදහම. ඒ බුදුදහම මා උගත් බුදුදහමට වඩා බොහෝ ඉදිරියෙන් ඇති ඉගැන්වීම් මාලාවක්.
කොච්චර බලවත් ඉගැන්වීම් මාලාවක්ද කිව්වොත් මට සහතිකව කියන්න පුලුවන් ඒ ඉගැන්වීම් මත යැපිල මුලු ලෝකෙම බලගතු ජාතිය බවට පත්වෙන්න අපට ගතවෙන්නෙ හිතන්න බැරි තරම් අඩු කාලයක්.
මම ලොකු විශ්වාසයකින් මේවා කියන්නෙ. නමුත් මම කියන දේ මේ රටේ මිනිසුන් පිලිගන්න සූදානම් නෑ. ඒකට හේතුව සරලයි.
පිටසක්වල බුදුදහමෙ කිසිම ආටෝපයක් නෑ. විකාර පුද පූජා නැති නිසා කිසිදු ආකර්ශනීය ගතියක් නෑ. පිටසක්වල බුදුදහමෙ තියෙන ලොකුම වෙනස තමයි ඇලවීම-ගැලවීම කියන ථෙරවාදී මාවතට වෙනස්ව ඉක්මයාම-නික්මයාම කියන වඩා පුබල මාවතක් හදුන්වා දීම.
සරලව කිව්වොත් මේ ජීවිතේ ඉන්න ගමන් මනුෂ්‍යත්වය ඉක්මවන තරම් ප්‍රතිපත්ති භාවනා ක්‍රම කුසල් බලය ආදිය සම්පාදනය කරල මනුෂ්‍යත්වයයි දේවත්වයයි අතර තත්වයකට පත්වෙනව. ඒ තත්වයට පැමිණි පසු අර පිටසක්වල බෝධිසත්වයොන්ගෙ උදව් පදව් තමන්ට ලැබෙනව. මාර්ගය ගැන තමන්ට පුදුම විශ්වාසයක් ඇති වෙනව. ඒතැන් පටන් තමන් ගත කරන්නෙ වලාකුළු මත පාවෙනව වගේ බෝධිසත්ව ජීවිතයක්. තමන්ට වෛර කරන ද්වේශ කරන අය ඉදිරිපිට ඉන්දුඛීලයක් සේ නොසැලී බෝධිසත්ව පුතිපදාව පුරනකොට ඒ වෛරක්කාරයො විවිධ ලෙඩරෝග අතුරු ආන්තරාවන්ට ලක්වෙල අපා ගතවෙන හැටි තමන්ටම දැක බලාගන්න පුලුවන්.
ඒතැනින් තමන්ගෙ ගමන් මාර්ගය ගැන තව තවත් විශ්වාසය තර වෙනව.
දැනටමත් ඉතා සුළු පිරිසක් පිටසක්වල බුදුදහම ගැන පැහැදිළා ඒ ගමන්මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නව. ඉදිරියේදී ඒ පිරිස තවත් වැඩිවේවි. ඒ වගේම කවදා හෝ අපේ රටේ මිනිස්සු තේරුම් ගනීවි මම කිව්වෙ බොරු නෙවේ සත්‍යයක් කියල.
Nilantha Hettige
Sadaham Sarana - Copyright . All rights reserved.