by Admin
30 Mar, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සත්‍යාවබෝධයට පියගැට පෙලක්: 5:
සත්‍යාවබෝධයට පියගැට පෙලක්: 5:
නොදන්නා දේ නොදන්නා බව නොදැනීම තරම් අනතුරක් තවත් නැත.
මම දැන් කියන්න යන්නෙ ඇග හිරිවැටෙන කතාවක්.
සත්‍යාවබෝධයට පියගැට පෙලක්: 5:
නොදන්නා දේ නොදන්නා බව නොදැනීම තරම් අනතුරක් තවත් නැත.
මම දැන් කියන්න යන්නෙ ඇග හිරිවැටෙන කතාවක්.
මේක මට කිව්වෙ මගේ මුස්ලිම් හිතවතෙක්.
එතකොට පාස්කු ප්‍රහාරයෙ උණුසුම තිබුණ කාලෙ.
මම එයාගෙන් ඇහුව පාස්කු ප්‍රහාරය කලේ ඔයලගෙ අය නේද කියල.
එයා ගත් කටටම කීවෙ එයාලගෙ අයට එච්චර හදිසියක් නෑ.. ඕක තනිකරම චන්දය ඉලක්ක කරගෙන කරපු වැඩක් වෙන්න ඕන කියල.
මම එයාගෙන ඇහුවා. “ එච්චර හදිසියක් නැති” කතාවෙ තේරුම මොකක්ද කියල.
එයා හොදට ඉංග්‍රීසි දන්න කෙනෙක්.
ඒකට හේතුව silent dominance කියන සංකල්පය බව මට කීවා.
එයා මෙහෙම කිව්වා.
“අපි මේ රටට ආවෙ වෙලෙන්දන් හැටියට. මේ රට අයිතිකර ගන්න කවදාවත් අපි සටන් කරල නෑ. අපි එදත් අදත් හෙටත් සාමකාමීව එකමුතුව ඉන්නෙ. නමුත් ඔයාලගෙ කට්ටිය එහෙම නෑ. පිල් වලට බෙදිලා. එක්කෙනෙකුට තව එක්කෙනෙක් නෑ. මේවා දකින අපි නෙවෙයි වෙන ඕනෑම ජාතියක අය හිනා වෙනව. අපි එකමුතුයි. අපි සාමකාමීව නමුත් අපේ ඉලක්කය වෙත හෙමිහිට කිට්ටු කරනව. බලන්න දැනටමත් මේ රටේ ආර්ථිකයෙන් 75% ක් හසුරුවන්නෙ අපේ අය.”
ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ මේ රට සාමකාමීව ඔවුන්ගේ රටක් බවට පරිවර්තනය කිරීමටය.
එයාල දැනටමත් ඉලක්කය කිට්ටු කරපු බවත් පාස්කු ප්‍රහාරය නිසා ඒ ඉලක්කය තව කල් යන බවත් එයා කීවා.
“ අපි අපේ දරුවන්ට භාෂා හතරක් උගන්වනව. සිංහල ඉංග්‍රීසි අරාබි දෙමල භාෂා හතරටම අපි ලමයින්ව හුරු කරනව. “
සිංහල බෞද්ධයන් මනංකල්පිත බලාපොරොත්තු මත රැදෙද්දි එයාලා අනුක්රමයෙන් සාධනීය ඉලක්ක සපුරා ගන්නා හැටි ඔහු මට විස්තර කරා.
ඇත්තටම මට අපේ ජාතිය, අපේ ඇදහිලි ගැන පුදුම කලකිරීමක් එදා ඇති වුනා.
අපි තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙ රැකවරණය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්දැද්දි එයල සාර්ථකව ඉලක්කයන් කරා යන ආකාරය මට සක් සුදක් සේ පැහැදිලි වුනා. සිංහල බෞද්ධයන් පිල් වලට බෙදිලා වාද විවාද කර ගනිද්දි අන් හැම ජාතියක්ම තනි බලවේග බවට පත්වෙල ක්‍රියා කරන බව මට වැටහුනා.
සිංහල බෞද්ධයන් දෙව්ලෝ සැපත වෙනුවෙන් චෛත්‍ය ඉදිරිපිට කෑම බීම ඇදුම් ගොඩ ගසද්දි අන්‍යාගමිකයන් දුප්පතුන්ට දන්දීම වගේ උතුම් ප්‍රතිපත්ති තුල හැසිරෙන ආකාරය මට වැටහුනා.
මට පැහැදිලිව තේරුනා අපි වෙනස් වෙන්න ඕන කියන එක.
මට තේරුනා අන්‍ය ජාතීන්ගෙන් අන්‍යාගමිකයන්ගෙන් වැදගත් කරුණු රැසක් ඉගෙන ගන්න තියෙනව කියන එක.
මම ඒ අත්දැකීම් මත මගේ ඇදහිලි, ප්රතිපත්තීන් පමණක් නොව දින චරියාව පවා වෙනස් කලා. ඇත්තටම කියන්න සතුටුයි, මම අද වන විට ජනප්‍රිය බුදුදහම ඉක්මවල ගියපු ඉතාම වටිනා හර පද්ධතියක් නිර්මාණය කලා.
ඒ හර පද්ධතිය අද හැම දෙනාටම විවෘතයි.
සිංහල දෙමල මුස්ලිම් කාටත් ඒ මාර්ගය විවෘතයි.
ඒ හර පද්ධතියෙන් සෑදුන ගමන් මාර්ගය තමයි “ පිටසක්වල බුදුදහම” වශයෙන් හදුන්වනු ලබන්නෙ.
Nilantha Hettige