by Admin
24 Aug, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
තන්ත්රයාන බුදු දහම: 4:
තන්ත්රයාන බුදු දහම: 4: විබන්ධන ක්‍රමය:සසර දුක එවේලේම වියලා දැමීමට සමත් ඉගැන්වීමකි. මෙහිදී බන්ධනයන් ගණනාවක් ඉවත් කෙරේ. ඒ ඒ බන්ධනයන් පොදුවේද වෙනමද අවස්ථානුකූලවද ඉවත් කළ යුතුය.
තන්ත්රයාන බුදු දහම: 4: විබන්ධන ක්‍රමය:සසර දුක එවේලේම වියලා දැමීමට සමත් ඉගැන්වීමකි. මෙහිදී බන්ධනයන් ගණනාවක් ඉවත් කෙරේ. ඒ ඒ බන්ධනයන් පොදුවේද වෙනමද අවස්ථානුකූලවද ඉවත් කළ යුතුය.
1. පුද්ගල
2. ස්ථාන
3. පරිවාර
4.කාම
5. උපචාර
6. නාම
7. න්‍යාම
8. උපධි
9.ලක්ෂණ
10.පරිභෝග
මම අසවලා වෙමි. මට වඩා කෙනෙකු නැත ආදී ළාමක සිතුවිලි පහල වේ නම් පලමු කොට එය ඉවත් කළ යුතුය. අප සැවොම විශ්වයේ නීතීන්ට යටත්ය. ලෙඩවීම මරණය වස්තු හානිය වධබන්ධනයන්ට යටත් වීම සත්වයන්ගේ හිංසාවන්ට යටත් වීම යන කරුණු අප කාහටති ඉක්මවිය නොහැකිය. එබැවින් තමා පිංවන්තයෙකි. බලවන්තයෙකි. රූපවන්තයෙකි. සැප වන්තයෙකි. යනාදී ළාමක හැගීම් පලමුකොටම වියලා දැමිය යුතුය.
ඉහත කී බැමි ඉතා පහසුවෙන් එකිනෙක ලිහා දමමින් සසර දුක පහසුවෙන්ම තරණය කළ හැක්කේය. මෙම විබන්ධනයන් හුරුකළ කල්හි නෙලුම් පතක හෙලූ දිය බිදුවක් සේම පහසුවෙන් සිත නිසල කළ හැකිය. එකල්හි පැන නගින ලෝකෝත්තර ආලෝකය නිවනට සම කරන්න.
Nilantha Hettige