by Admin
02 May, 2026
සංවාදයට පණිවිඩයක්
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 34:
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 34: නිවන හෙට නොවේ අද:
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 34: නිවන හෙට නොවේ අද:
ගොඩගේ මහත්තය අන්තරා වෙලා.
මම ඔහු මුලින්ම හදුනා ගත්තෙ දැනට අවුරුදු විස්සකට විතර පෙර.
මම නීති පොතක් ලියාගෙන ප්‍රකාශකයෙක් හොයන්න මරදානෙන් බැස්සා.
ප්‍රකාශන සමාගම් වැඩි ගාණක් කීවෙ නීති පොත් විකිණෙන්නෙ නෑ කියල.
මම ඕන දෙයක් වෙච්චි දෙන් කියල මරදානෙ ගොඩගේ පොත් මැදුරට ගොඩවැදුනා.
ගොඩගේ මහත්තය ඉන්නවද?
මහත්තය ඉන්නව. ගෙදර යන්න හදන්නෙ.
මා පැමිණි අවශ්‍යතාවය දොරටුපාලකයාට කීමි.
වෙන දවසක එන්න.
කමක් නෑ. මට ගොඩගේ මහත්තය දැක බලා
ගන්න ඕන.
එහෙනම් තුන්වෙනි තට්ටුවට යන්න.
තෙවන මහලේ වීදුරු කුටියක් තුල ගොඩගේ මහතා බොහොම සන්සුන්ව හිදගෙන හිටියේය.
අර මහත්තයට එන්න කියන්න.
මම ලද අවසරයෙන් ඔහු වෙත පැමිණි කාරණාව දැනුම් දුනිමි.
මහත්මයා, මම කරන්නෙ සාහිත්‍ය පොත්- වැඩපොත්- විෂය පොත්. ඒ පොත් මුද්‍රණය කරාම පිටපත් පන්සීයක් රට වටේ පුස්තකාල වලට වැටෙනව. සතියෙන් දෙකෙන් වියදම කවර්. ඒත් නීතිපොත් වලට ඉස්කෝල වලින් ඉල්ලුමක් නෑ.
මම ඔහුට කරුණු පහදා දීමට උත්සාහ කරමි.
මම පොත් දොලහක් දැනට ලියල
තියෙනව. ඒ පොත් සේරම බෞද්ධ පොත්. මේ මගේ පලමුවෙනි නීති පොත.
ගොඩගේ මහතා මට සහය වීමට ඉදිරිපත් විය. හේ තමා දන්නා ප්‍රකාශකයන්ගේ නාමාවලියක් කියාගෙන ගියේය.
මම යළි ඔහු අමතන්නට වීමි.
මම ලියපු පොත බොහොම සරල එකක්. මට ඕන පුලුවන් තරම් අඩු මුදලකට ජනතාව අතරට ඒ පොත යවන්න.
ප්‍රකාශන ක්ෂේත්රයේ පතාක යෝධයෙකු බදු ගොඩගේ මහතා එවර මා වෙත සංවේදී විය.
හැබැයි මහත්තයො රිවීව් බෝඩ් දාන්න වෙනව. රිවීව් බෝඩ් එකෙන් අනුමත කලොත් තමයි පොත බාර ගන්න වෙන්නෙ.
නීතිපොතක් රිවීව් බෝඩ් දැමීම පල රහිත බව පහදා දෙන්නට මිනිත්තු දහයක් පමණ ගතවිය.
හේ මගේ පොත ප්රකාශනයට බාර ගත්තේය.
කවරෙ කවුද හදන්නෙ.?
මට ළග ඉදගෙන කවරෙ හදන්න ඕන.
මම කීමි.
හේ ප්‍රකාශන අංශය වෙත මා යොමු කලේය.
මට ඕන ලස්සන ගෙවත්තක්. කොලපාට තණ නිල්ලක්. නිල්පාට අහස. ඒ අතරින් කැපී පෙනෙන කහපාට සුදුපාට අකුරු.
මම කියාගෙන කියාගෙන ගියෙමි.
නීතිපොතක කවරය ගාම්භීර පෙනුමක් ගත යුතු බව කවර සකසන්නාගේ අදහස විය. මම ඒ අදහස ප්‍රතික්ෂේප කර මගේ ඕනකමට කවරය සෑදවූයෙමි.
මාසයක් දෙකක් ඇතුලත පොතේ වැඩ නිම විය.
තවත් මාස දෙක තුනකින් දුරකතන ඇමතුමක් ලැබුණි.
මහත්තයගෙ පොත් ටික විකිණුනා. චෙක් එක
ගන්න එන්න.
මම ගොඩගේ මහතා හමුවීමට ගියෙමි. එවර ඔහු හමුවීමට නොහැකි විය.
එනමුත් ගොඩගේ මහතා ලබා දුන් අනුග්‍රහය හේතුවෙන් ප්‍රකාශන සමාගම් රැසක් නීතිපොත් වෙනුවෙන් ඇණවුම් භාර දුන්හ.
ගොඩගේ මහතා එදින මගේ සහයට නොසිටියේ නම් නීතිපොත් ඇතුලු පොත් 200 වැනි සංඛ්‍යාවක් වසර 20 ක් වැනි කාලයක් තුල ලියා පලකරන්නට මට නොහැකි වන බව හොදාකාරව දනිමි.
එනමුත් ගොඩගේ මහතා " පතන්නා බෝධියකින් නිවී සැනසේවා" යයි පතන්නට තරම් පටු දැක්මක් ම සිත්හි නැත. මා ඔහුට පතන බෝධිය ඔහුට ලැබේද? මම නොදනිමි. මා අදහන පිරිසිදු බුදුදහම අනුව සසර දුක කෙලවර කළ යුත්තේ හෙට නොව අද අදමය. හෙට වන විට ප්‍රමාද වැඩි වීමට බොහෝ හේතු ඇත.
නිවන හෙට නොවේ අද!
Nilantha Hettige