Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 3- සක්මන් භාවනාවට දවස් හැටක්:2020 දි රට වහපු වෙලාවෙ මම දවස් 60 ක් ගෙදරට කොටු වුනා. මගේ පොත් සේරම ඔපිස් එකේ. කරන්න දෙයක් නැති කමට සක්මන් භාවනාව කලා. දවස් 60 ක්. ඔව් දවස් හැටක් එකදිගට භාවනා කලා. ඒ භාවනාව අතරතුර මම පිලිගත්ත ගොඩාක් සත්‍යයන් එකිනෙක ගැටිල ඒ සේරම වීදුරු කටු ගොඩක් බවට පත් වුනා.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 3- සක්මන් භාවනාවට දවස් හැටක්:
2020 දි රට වහපු වෙලාවෙ මම දවස් 60 ක් ගෙදරට කොටු වුනා. මගේ පොත් සේරම ඔපිස් එකේ. කරන්න දෙයක් නැති කමට සක්මන් භාවනාව කලා. දවස් 60 ක්. ඔව් දවස් හැටක් එකදිගට භාවනා කලා. ඒ භාවනාව අතරතුර මම පිලිගත්ත ගොඩාක් සත්‍යයන් එකිනෙක ගැටිල ඒ සේරම වීදුරු කටු ගොඩක් බවට පත් වුනා.
ආගම, මනුෂ්‍යත්වය, සංස්කෘතිය, පරිණාමය, සත්‍යාවබෝධය වගේ මාතෘකා ගැන මම පණ යනකං ඉගෙනගත් දේ වැරදි බව වැටහුනා.
මට බය හිතුනා මාව පිස්සු වැටිලද කියල. නමුත් රට ඇරියට පස්සෙ ෆෙඩ්රික් නිට්ෂගෙ දර්ශනය කියවන්න ගත්තා. මම කියපු දේ නීට්ෂගෙ ඉගැන්වීම් සමග පුදුම විදියට ගැලපුනා. මම මගේ ජීවිතය ඒ නැවුම් දර්ශනය අනුව ගලපා ගත්තා. ඇත්තටම පුදුම හිතෙන වෙනසක් ඒක. මට තේරුනා මම ජීවත්වන සමාජයට වඩා අවුරුදු දෙසීයක් විතර ඉස්සරහින් ඉන්නෙ කියල.
ඔය අතරෙ තවත් පුදුම අත්දැකීම් ලැබෙන්න ගත්තා.
සරලව කීවොත් අපි හැමෝම ජීවත් වෙන්නෙ හීන තුල. අපි මහන්සි වෙන්නෙ අපේ හීන හැබෑ කර ගන්න. සමහර හීන හැබෑ කරගෙන ටික දවසකින් අපටම තේරෙනව කරපු මෝඩකමක් කියල. හීන වලින් මිදිල
යථාර්ථය සමග ගනුදෙනු කරන්න පටන් ගත්ත දාට සේරම ප්‍රශ්න එකිනෙක ලිහිල යන්නෙ හිරු දුටු පිණි වගේ.
ඒ වගේම අපි ඉන්නෙ ඇදහීම් තුල. අපේ ඇදහීම් තුලින් අපි comfort zones තුල කොටු වෙනව. Social bubles තුල හිර වෙනව. නමුත් ඇදහිලි, විශ්වාස සේරම පදනම් වෙන්නෙ වැරදි නිගමන මත. ඒ නිසා යම් දවසක අපේ මනෝරාජ්‍යයන් දෑස් ඉදිරිපිට බිද වැටෙන්නෙ වැල්ලේ තනපු මාලිගා රළ පහරට හසු වුනා වගේ.
බුදුදහම අවුරුදු 5000 ක් පවතින කතාව, තිස්තුන් කෝටියක් දෙවිවරු අපිව රකින කතාව, කලින් කල රට බේර ගන්න වීරයන් පහළ වීම වගේ මන්ද මානසික කතාවන් නිසා අපේ ජාතිය ස්වයං මෝහනයට පත් වෙලා ඉන්නෙ. ඒ නිසා තමයි අපව ලෙහෙසියෙන් පරදවන්න පුලුවන්.
සිංහල බෞද්ධයට කවදත් තිබුණෙ එකම ප්‍රශ්නයක්. තමන්ගෙ ඔක්කොම සල්ලි වාහන, ගෙවල් මංගල උත්සව වගේ හීන ඇතුලෙ හිරකරල මුලු ජීවිතයම විදවන එක.
මේවා දකිමින් දනිමින් මම දවස් හැටක් සක්මන් භාවනා කලා. සති ගණන් සක්මන් භාවනාව කරද්දි මගේ මතකය අතීත ආත්මභාවයන් දක්වාම ඇදී ගියා.
මානව ශිෂ්ඨාරයේ හැරුම් ලක්ෂ්‍ය මට පේන්න ගත්තා. මට පේන්න ගත්තා අපි සංක්‍රමණය වුනේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ සිට කියල. ඒ කාලෙ මිත්‍ර කියන ගෝත්‍රික නායකයා හැටියට කෲර දඩුවම් රහිතව ස්වයං අවබෝධයෙන් මුලු සමාජයක් පාලනය කරපු හැටි අවබෝධ වුනා.
සෑම මිනිසෙකුටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුය යන්න මිත්‍රගේ ඉගැන්වීමක්. ඒ නිසා තමයි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙ රජ මැදුරු සිටුමැදුරු වෙනුවට හැම තැනම එක හා සමාන පහසුකම් සහිත නගරයක් හමු වුනේ.
මට තව දවසක් පේන්න ගත්තා වර්ධක කියල රජ කෙනෙක්. උපන්ගෙයි මෝඩයෙක් වන වර්ධක රජ්ජුරුවන්ගෙ නාස්තිය නිසා මුලු රටම ඔහුට එරෙහිව හිටියෙ. ඒකාලෙ සහස්රබුද්ධි කියන පණ්ඩිතයා හැටියට රජුට උපදෙස් දීලා මුලු රටම ගොඩගත් හැටි පේන්න ගත්තා. රජයේ ආදායමෙන් හතරෙන් පංගුවක් පොදු ජනතාවටත් පොදු ජනතාවගේ ඉපැයිම් වලින් හතරෙන් පංගුවක් රජයටත් අය කරන සර්ව සාධාරණ පාලන ක්‍රමයක් ඇති වුනේ වර්ධක රජුගෙ පාලන සමයෙදි. වරදකරුවන් මුඩුබිම් අස්වද්දන්න යොදවා එයින් හතරෙන් පංගුවක් ඔවුන්ටම ලබා දුන්නෙ වර්ධක රජුගෙ කාලෙදි. රජයේ ඉඩම් වලට සාධාරණ බදු පැනවුවෙ වර්ධක රජුගෙ කාලෙදි.
මම හිතනව මම ඒ දවස් හැටේ භාවනා කාලය තුල
ලබපු අත්දැකීම් ලියල තියන්න ඕන කියල. කාටහරි කවද හරි වැදගත් වෙයි.
නිලන්ත හෙට්ටිගේ
Sadaham Sarana - Copyright . All rights reserved.