by Admin
02 May, 2026
සංවාදයට පණිවිඩයක්
සත්‍යාවබෝධයට පියගැට පෙලක්:29:
සත්‍යාවබෝධයට පියගැට පෙලක්:29: බෞද්ධ සාරධර්ම පද්ධතියේ උපත සහ පරිණාමය:- 1:
බෞද්ධ සාරධර්ම පද්ධතියේ උපත සහ පරිණාමය:- 1: තලිබාන්වාදය කියන්නෙ ඇෆ්ගනිස්ථානයෙ බිහිවූ කුරීරු ම්ලේච්ඡ අන්තවාදි කල්ලියක්. තලිබාන් ක්‍රමයෙදි ස්ත්‍රිය පුරුෂයා සතු දේපලක් බවට පත් වෙනව. ස්ත්‍රියගේ නිදහස විනෝදාස්වාදය සහ කතා කිරීමේ අයිතිය ඇතුලු මානව හිමිකම් මුලුමනින්ම පාගා දැමෙනව. තලිබාන් සංවිධානය තමන්ගෙ බල තණ්හාව සහ නොපනත්කම් සාධාරණය කරන්නෙ ආගම අවියක් සහ පළිහක් හැටියට පාවිච්චි කිරීම තුලින්.
අද තලිබාන්වරුන් යටතේ තියෙන ඇෆ්ගනිස්ථානය පෙරකල බෞද්ධ රටක්. බුදු පහස ලැබූ ඔඩ්ඩියාන දේශය තමා ඇෆ්ගනිස්ථානය බවට පත් වුනේ.
ලංකාව ඇතුලු ලෝකයේ රටවල් බහුතරයක දේශපාලන බලය ලබා ගැනීම සහ බලය ස්ථාවරව පවත්වා ගැනීමට යොදාගත්ත ප්‍රබලම අවිය තමයි ආගම.
නැගෙනහිර යුරෝපයේ ස්ටෙප් තණබිම් වල සිට පැමිණි මූලාරම්භය අවිනිශ්චිතවූ ලිඛිත ඉතිහාසයක්ද නොමැති සුදු ජාතික ජන කොටසක් වන ක්ෂත්රියයන් ඉන්දියානු උප මහාද්වීපයේ බලය අත් කර ගන්නව. ඒ වසර 3000 කට පෙර. වසර 5000 කට පෙර ඉන්දු නිම්න ශිෂ්ඨාරයේ සිට පැමිණි සාමකාමී බ්‍රාහ්මණයන් ආක්රමණික ක්ෂත්රියයන් පාලනය කිරීම සදහා ඒක දේවවාදී ආගමක් බිහි කරනව. ඒ තමයි බ්‍රාහ්මණාගම. එබදු දක්ෂතා නොමැති, අප්‍රිකාව දෙසින් පැමිණි වසර 70000 ක ඉතිහාසයක් ඇති ස්වදේශිකයන් ක්ෂුද්රයන් බවට පත් වෙනව. ක්ෂුද්‍ර යන්නෙහි තේරුම සුළු ජාතීන් යන්නයි. වසර දහස් ගණන් වෙළද මාර්ගයන් ඔස්සේ පැමිණි අය ඒ නමින්ම වෛශ්‍යයන් බවට පත් වෙනව. වෛශ්‍යාවන් කියන්නෙ වෙළෙන්දියන්ට. ඔවුන්ගෙනි සමහරුන් දහවලට වෙලදාමත් රාත්‍රියට වෛශ්‍යා වෘත්තියත් කළ බවට සටහන් මා දැක තියෙනව.
ආගම කියන්නෙ ඔය විවිධත්වයෙන් යුතු ජන සමාජය එකිනෙකා අතර සටනකින් තොරව පාලනය කරමින් රජයට සහය ලබා දෙන “auxialliary security unit ” එකක් වගේ බලවේගයක්. ( වදනෙ තේරුම text එකට හරියටම ගැලපෙන්නෙ නෑ)
මම ඔය කියන රහස ලොකුවටම තේරුම් ගත්ත කෙනෙක් තමයි හර්ෂ රජජුරුවො. එයා වසර 3000 කට පෙර බ්‍රාහ්මණාගම පිහිටුවන්න යාඥ්ය වල්ක්ය පූජකයට අවසර දීල මුලු රටම එකම ආගමක් තුලට කොටු කරනව. ආගමේ තියෙන්නෙ නීතියෙ රීතිම තමයි. පොඩි වෙනසකට තියෙන්නෙ ආගම දඩුවම ප්‍රකාශ කරාට ක්‍රියාත්මක කරන්නෙ නෑ. දඩුවම ඊලග ආත්මෙ ලැබෙනව කීවම මිනිස්සු බය වෙනව. ඊලග උපතක් තියෙනව කියන එකට පදනමක් පෙන්වන්න ආත්මන් හෙවත් පව් පින් කරගහගෙන දිගට ගමන් කරන බලවේගයක් හදුන්වා දෙනව.
නීතියේ එන අපරාධ සහ යුතුකම් ආගමේ පව් පින් හැටියට වර්ග කරනව.
හොදට පරීක්ෂාකාරීව බැලුවොත් එදා දඹදිව පැවති සම්මත නීතියට අනුකූලව තමයි පව් පින් සංකල්පය නිර්මාණය වුනේ. බ්‍රාහ්මණාගම තුලින් ජනතාව කැරලි ගැසීම මර්දනය කරන්න සූක්ෂ්ම උපක්‍රමයක් යෝජනා කලා.
උපන් බිමේ සැබෑ උරුමක්කරුවන් වන ක්ෂුද්රයන් බ්‍රහ්මයාගේ පාදයෙන්ද බ්‍රාහ්මණයන් මුඛයෙන්ද උපන් බව කීවා.
පව් ගෙවීම තුලින් පින ඉතිරි වේ යන හැගීම ඇති කිරීම තුලින් මිනිසුන් ස්ව කැමැත්තෙන්ම දාස භාවයේ යාවජීව ලෙස හිර කර දැමුවා.
මේක හරියට ඇස්ටෙක් චාරිත්‍රානුකූලව කැමැත්තෙන්ම බිලි පූජාවට යන කන්යාවියන්ගෙ තත්වය වගේ. ඔවුන් කැමැත්තෙන්ම ඇස්ටෙක් පූජකයන්ට කන්‍යාභාවය පුද කරල ඊලග දින පාන්දර කැමැත්තෙන්ම පිරමීඩය මතින් ජලයට පනින්නෙ මතු සුරලොව සැපත සහතික කළ නිසා.
මේව විහිලු නෙවේ, ඇග කිලිපොළා යන තිත්ත ඇත්ත. අදටත් ක්‍රියාත්මක වන ඉන්දියානු දේවදාසි සංකල්පය ඇස්ටෙක් චාරිත්‍ර වගේම පිළිකුල් සහගතයි.
ආගම නම් මානව බලවේගයේ ඇතුලාන්තය බියකරුයි. ගුජුප්සාජනකයි. අමානුෂිකයි. අතාර්කිකයි. අසාධාරණයි.
Nilantha Hettige