Working: 8.00am - 5.00pm
සත්යෙවබෝධයට පියගැට පෙලක්:28: යථාභූත දර්ශනය: සියලු දෑහි යථා තත්වය දැකීම සත්‍යාවබෝධ ගමන් මගේ හමුවන එක් කඩ ඉමක්.
සත්යෙවබෝධයට පියගැට පෙලක්:28:
යථාභූත දර්ශනය: සියලු දෑහි යථා තත්වය දැකීම සත්‍යාවබෝධ
ගමන් මගේ හමුවන එක් කඩ ඉමක්.
ජීවිතයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකීම එහි මුල් අවස්ථාව.
තවදුරටත් නුවණ මෙහෙයවන කෙනෙකුට තමන් උගත් දෑ හි හරි වැරදි දකින තරමට ප්‍රබල දැක්මක් පහල වෙනව.
අපි පොත පතින් උගත් දෑ හි පවා ලොකු වැරදි පේන්න ගන්නව. හරියට අණ්වීක්ෂයකින් බලන කෙනාට හැම දෙයක්ම ලොකු කරල බලන්න පුලුවන් වගේ.
කවුරුහරි කෙනෙක් යථාභූත ඥානය යොදවල බුද්ධාගමේ ඇත්ත නැත්ත හෙව්වද? නෑ නෙ.
2020 මාර්තු මාසෙ කොරොනා වසංගතයට රට වැහුවට පස්සෙ මම දවස් හැටක් සක්මන් භාවනා කලා. ඒ භාවනාව තුලින් “ ආගමික ඉගැන්වීම්” වෙත මාව බන්ධනය කරපු බැමි පවා ගැලවිල ගිහින් නිදහස් ලෙස සිතන්න හැකියාව ලැබුණා.
ඒ භාවනා කාලයට පස්සෙ මම, කලින් හිටපු මා දෙස බැලුවෙ විවිධාකාර සමාජ බැමිවලින් හිරවුන අන්ත අසරණ ජීවියෙකු විදියට.
පවුලක් ගත්තම පවුලෙ එකිනෙකා අතර බැදීම් මට පේන්න ගත්තෙ “ මූදු මල සහ තාපස කකුළුවා” අතර සම්බන්ධයට සමානව.
ඒ කියන්නෙ හැම කෙනෙකුම තමන්ගෙ අවශ්‍යතා සපුරා ගැනීමේ අරගලය සාමකාමීව අඩු මහන්සියකින් විසදගන්න පවුල් බැමි තුල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිර වෙනව.
බුද්ධකාලීන භාරතය තුල තිබුනෙ පීතෘ මූලික සමාජයක්. ඒ සමාජය තුල පීතෘ බලය වෙසෙසින්ම කැපී පෙනුනා. ඒ වගේම එකල පැවති වැඩවසම් සමාජ ක්‍රමය විසුරුවල දාන්නෙ නැතිව එයාකාරයෙන්ම පවත්වා ගැනීමේ අප්රකාශිත යුතුකමක් ආගම් කර්තෘවරුන්ට තිබුණා.
මේ හේතුවෙන් සමහර යුතුකම් , වගකීම්, බැදීම් පින් පව් අප වෙත බලෙන්ම ආරෝපණය වුනා. දෙමාපියන්ට වැදීම, කුල දෙටුවන්ට වැදීම යුතුකමක් බවට පත් වුනා.
සමාජයෙ හැමෝම සමානව උපන්නා නම් කුල දෙටුවන්ට වදින්න ඕනද කියල ප්‍රශ්න කරන්න කාගෙවත් හිත හයිය තිබුණෙ නෑ.
ජීවියෙකු බිහි කරන්න ශුක්‍රාණුවක් ප්රදානය කළ පමණින් පියා වන්දනීය පුද්ගලයෙකු බවට පත් විය යුතුද කියන ප්රශ්නය අහන්න කවුරුවත් මෙතෙක් ඉදිරිපත් වුනේ නෑ. ස්ත්‍රී දූෂණයකින් පිලිසිදගත් දරුවාගේ පියා වන්දනීය පුද්ගලයෙක්ද නැද්ද යන ප්රශ්නය පන්සිල් කියල දෙන වෙලේ අහන්න කිසිම කෙනෙකුට මතක් වුනේ නෑ.
බුදුදහම අනුව යුද්ධ කර ලබා ගත් කාන්තාව තමන්ගෙ අයිතියට යටත්. ඒ කියන්නෙ විසි ආකාර රක්ෂිත ස්ත්‍රීන්ගෙන් කෙනෙක්. ඒ ස්ත්‍රිය සමග ඇගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇගේ අයිතිකරු හැර වෙන කෙනෙකු කායික සම්භෝගයේ යෙදුනොත් කාම මිථ්‍යාචාරය නම් වරද සිදු වෙනව.
අපි හිතමු තමන්ගෙ බිරිදව මැරයෙකු විසින් පැහැරගෙන යනව කියල. එතැන් පටන් අර කාන්තාව අයිති මැරයට. තමන්ට නොවේ.
වැඩි දෙනෙකුට මේවා තේරුම් ගන්න බැරි එක හේතුවක් තමයි අපේ සමාජය බෞද්ධ සාරධර්ම ලෙස බලන්නෙ ක්‍රිස්තියානි දර්ශනය අනුව. කිතුණු දර්ශනය අනුව එක් ගැහැණියකට එක් පිරිමියෙකු බැගින් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කලා. අන්න ඒ මතය අනුව තමයි අද පවත්නා විවාහ ක්‍රමය නිර්මාණය වුනේ. ඒ කතාව බුදුදහමට අදාල නෑ. එදා භාරතීය සමාජය ප්‍රධාන කුල පහකට බෙදිල තිබුණෙ. ත්‍රිපිටකය අනුව කුල හතරයි. ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂුද්‍ර සහ පංචම වශයෙන් කුල පහයි. ත්‍රිපිටක වර්ගීකරණය අනුව පංචම කුලය අත්හැරෙනව.
එදා සම්මතය අනුව ක්ෂුද්රයෙකුට එක් බිරිදකුත් වෛශ්යයෙකුට දෙන්නෙකුත් බ්රාහ්මණයෙකුට සිව් දෙනෙකුත් නීත්‍යානුකූලව ලබා ගත හැකියි. ක්ෂත්රිය රජෙකුට කාන්තාවන් අසීමිත ගණනක් තම අන්ත:පුරයට එක කර ගත හැකියි.
සිදුහත් බෝසතුන්ගේ අන්ත:පුරයේ කාන්තාවන් 40,000 ක් සිටි බව බෞද්ධ සාහිත්‍යයේ කියැවෙනව.
බුදුදහම සමාජීය සම්මතයන්ට අනුගත වෙමින් බහු භාර්යා සේවනය අනුමත කලා. සුද්ධෝදන සහ මහානාම යන ශාඛ්‍ය රජුන් දෙදෙනාම තමන්ගෙ මෙහෙකාරියන් බරපතල ලෙස අපයෝජනයට ලක් කරපු අය. ඒ දෙන්නා ගානෙම මෙහෙකාරියන්ට ලමයි හිටියා.
නමුත් සම්මත බෞද්ධ සදාචාර තුලින් පරදාර සේවනය තහනම් කලා. ඒ වැඩේ තහනම් කලේ “ සොරකමක්” වීමේ හේතුව මත. ඒ සොරකම රහසිගතව නොව කොල්ලකෑමක් ලෙස සිදු වන අවස්ථාවේදී සදාචාරාත්මක හෝ ආගමික තහනමක් නොතිබූ බව විසි ආකාර රක්ෂිත ස්ත්‍රීන් පිලිබද ආගමික නීතිය අනුව පෙනෙනවා.
තවත් ගැඹුරට හිතල බැලුවොත් කාම මිථ්‍යාචාරය කියන වරද එදා තිබුණ දේපල උරුම නීතියේම දිගුවක්.
නිකමට හිතන්න රජ්ජුරුවො නැති අතරෙ පුරෝහිත බමුණා අගමෙහෙසියට ළමයෙකු හැදුව කියල. වැඩේ හබක් නෙ! එතැනින් පසු රජ පරම්පරාව කරකැවිල යන්නෙ පුරෝහිත බමුණගෙ ලමය අතට.
ඔන්න ඔය හේතුව ඇතුලු තව හේතු ගණනාවක් මත බුද්ධිමත් රජවරු තේරුම් ගන්න ඇති “බුදුදහම කියන්නෙ බොහොම ලස්සනට මිනිසුන් කන්ට්‍රෝල් කරල හිතේ නිදහසින් රජ කරන්න නියම Tool එකක්” කියල. ඒ නිසා බුදුදහමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඇති.
මම මේ කියන ඒව වැරදි නම් උදාහරණ සහිතව බුද්ධිමය සංවාදයකට එන්න. හැබැයි මම තවම සේරම ප්‍රශ්න එලියට දැම්මෙ නෑ. මම ගවේෂණය කරල හොයාගත්ත කරුණු වලින් නියපිටින් චුට්ටක් තමයි එලියට දැම්මෙ.
මේ වගේ විවේචන ලිව්ව කියල මගේ බෞද්ධකම චුට්ටක්වත් අඩුවෙන්නෙ නෑ. ඒකට හේතුව සරලයි.
තමන් පදින වාහනේ අඩුපාඩු ගැන කතා කරල ඒ අඩුපාඩු හදාගන්න ඕනෑම රියදුරෙකුට අයිතියක් තියෙනව. බුදුදහම කියන්නෙ වාහනයක්. ඒ වාහනේ අඩුපාඩු හදා නොගෙන මිය පරලොව යනව කියන්නෙ බ්රේක් නැති බස් එකක හපුතලේ කන්ද නගිනව වගේ වැඩක්.
අද කාලෙ ජනප්‍රිය බුදුදහමෙන් බණ කියන දේශකයො කරන්නෙ බ්රේක් නැති බස් එකක ලොකු සෙනගක් නග්ග ගෙන හපුතලේ කන්ද බහිනව වගේ වැඩක්.
මම කියන දේ කොච්චර බරපතලද කියන එක මරණාසන්න මොහොතෙදි වැටහේවි. ආගමික ඉගැන්වීම් වල මොන දේ තිබුණත් මරණය සිද්ධ වෙන්න ජීව විද්‍යාවෙ අනුලංඝනීය රීතීන්ට අනුකූලව.
මං කිව්ව කියල ලියල තියා ගත්තත් කමක් නෑ. පස්සෙ වෙලාවක මරණය ගැන පහදන්නම්.
Nilantha Hettige
Sadaham Sarana - Copyright . All rights reserved.