Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙලක 21- මැරුණට පස්සෙ මොකද වෙන්නෙ? හැබෑට අපි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ?
සත්‍යාවබෝධයට පියගැට පෙලක 21- මැරුණට පස්සෙ මොකද වෙන්නෙ?
හැබෑට අපි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ? මේක පන්සලේ හාමුදුරුවොන්ගෙන් ඇහුවොත් කියන්නෙ “ච්‍යුති චිත්තයට පසු වහාම ප්රතිසන්ධි චිත්තය පහල වෙනව.... “වගේ අණ්ඩර දෙමලයක්. ඒක සහතිකයි. ඒ නිසා පන්සලේ හාමුදුරුවොන්ගෙන් වැරදිලාවත් ඔය ප්‍රශ්නෙ අහන්න එපා. බුදුදහමෙ එවැනි ඉගැන්වීමක් නෑ.
ඔය ච්‍යුතිය ප්රතිසන්ධිය අතර පරතරයක් නැත කියන කථාව තෙවන ධර්ම සංගායනාවෙදි ගහපු සක්ක කෑල්ලක්. ඒ කතාව බුදුදහමට පටහැනියි. ත්‍රිපිටකයේ සූත්‍ර හතර පලකවත් තියෙනව අන්තරාභවයක් ගැන. මරණින් මතු අන්තරාභවයට පිවිසීමකින් තොරව ප්‍රතිසන්ධියක් නැත කියන කතාව මහා නිධාන සූත්‍රෙය් නිවැරදි පරිවර්තනයන් තුලින් දැක බලා ගන්නත් පුලුවන්. කුතුහලසාලා කියන සූත්‍ර දෙකේම භවයන් දෙකක් අතර තාවකාලික පැවැත්මක් ගැන කතා කරල තියෙනව. ඒ වගේම පුරුෂගති සූත්‍රයේ තියෙනව අන්තරාපරිනිබ්බායි කියල කතාවක්. ඔය කතාවම තමයි පසුකාලින ඇදුරන් අන්තරාභවයට ඈදා ගන්නෙ.
කොහොම වෙතත් අන්තරාභවය මූලික බුදුදහමෙ ඉදුරාම පිළිගන්නා නමුත් ථෙරවාදය එය තදින් ප්‍රතික්ෂේප කරන බව දැන සිටීම වැදගත්.
ඔය අන්තරාභවයක් තියෙනවද නැද්ද කියල බලන්න මම සෑහෙන කාලයක් පර්යේෂණ කළා. දිගට දවස් දෙකක් විතර භාවනා කලොත් තව දවස් දෙකක් විතර කාලයක් මැරෙන අය උපදින ස්ථාන බැලීමේ හැකියාවක් මට තිබුණා. එතැනදි පෙනී ගියා වැඩි දෙනෙක් අන්තරාභවයක් රහිතව මරණින් මතු ප්‍රේත ලෝකයේ උපත ලබන බව. ඒ වගේම නිරයට යන්න නියම වෙච්ච කෙනෙක් දවස් පහක අන්තරාභවයක ඉන්න අතරෙ මට පුලුවන් වුනා සම්බන්ධ කර ගන්න.
මම මගේ අත්දැකීම් වලින් නැවතුනේ නෑ. සාස්ත්‍රකරුවන් මන්ත්රකරුවන් සොහොන්පල්ලන් ආදීන් හමුවෙලා අන්තරාභවය ගැන අත්දැකීම් තියෙනවද කියල අහන්න පුරුදු වෙලා හිටියා. දැනට අවුරුදු දහයකට කලින් මම ගියා හබරාදුව ආදාහනාගාරයට. එතැන රාජකාරි භාරව හිටපු කෙනෙකුගෙන් මම ඇහුවා යමෙකු මළාට පස්සෙ වෙන දේ ගැන අත්දැකීම් තියෙනවද කියල. ඔහු මගේ දිහා බැරෑරුම් විදියට ටික වේලාවක් බලාගෙන ඉදල කියනව, හපොයි මහත්තයො මගේ අත්දැකීම් ඔහේට කීවොත් ඔහේ මැරෙන්න හොදටම බය වෙනව කියල.
ඔහු කියන හැටියට ඔය මළමිනී බොහොමයක් ආදාහනාගාරයට ප්රළුස්සන්න දාන වෙලාව වෙනකොටත් මරණකරු ඒ දේහය අත්ඇරල ගිහින් නෑ. අර පුංචි කවුළුවෙන් බලාගෙන ඉන්න කොට පේනවලු මළගිය ප්‍රාණකාරයා ඉතාම වේදනාවෙන් අකමැත්තෙන් තමන්ගෙ මෘත ශරීරය දාල යන හැටි. සමහර දවස්වල මළගිය ප්‍රාණකාරයා ගිනිදළු වලට මැදිවෙලා ගහගෙන එළියට පනින වෙලාවලුත් තියෙනවලු. කලාතුරකින් නමුත් මළගිය ප්‍රාණකාරයා මිනිය පුච්චනකොටත් ඒක අතහැරල යන්න බයේ කැරකි කැරකි යන්නවලු.
මනුස්සයෙකු මැරුණට පස්සෙ පුදුම අසරණවීමක් සිදුවෙන බවට ප්‍රමාණවත් සාක්ෂි තියෙනව. අර බණට කියනව වගේ නින්දෙන් පිබිදෙනව වගේ දිව්‍ය ලෝකෙ ඉපදෙන අවස්ථා දැන් හොදටම අඩුයි. අද කාලෙ වැඩි දෙනෙක් මරණින් මතු උපදින්නෙ ප්‍රේත ලෝකෙ.
මගේ භාවනා පංතියෙ මුල්ම සෙට් එකේ අති දක්ෂයෙක් හිටිය ගුණරත්න කියල. එයා කෙටි කලකින්ම අභිංඤා ලබලා මටත් උදව් කළා බෝසත්වරු සමග සාකච්චා කරමින් බුදුදහමේ රහස් සොයන්න.
ඔහු නිතරම කීවෙ ඔහුත් මමත් තුසිත දෙව්ලොවෙන් ච්‍යුත වෙලා ආපු කතාවක්. අපි දෙන්නම මරණින් මතු යළි එතැනම උපදින බවට ඔහු නිතරම කීවා. නමුත් මම කීවෙ ඊට වෙනස් කතාවක්. ඔහු ඇදිවත පිටින් ගෙදරින් ගිහින් නන්නත්තාර වෙලා අකාලයේ අවාසනාවන්ත ලෙස මිය පරලවෙ යන බව මම ඔහුට කීවා.
ගුණරත්න ඔය කතාවෙන් පස්සෙ මගෙන් ඈත් වෙලා මට අපවාද කිය කිය තැනින් තැන ගියා. නමුත් හරියට කෙස් ගහටම මම කී දවසෙ ගුණරත්න තමන්ගෙ ගෙදරින් පැනල ගියේ සියළුම වස්තු සම්පත් අත් ඇරල දාලා.
නමුත් ඔහු නිතරම බලාපොරොත්තු වුනා මරණින් මතු තුසිතයේ උපදින්න.
ඔහු කාලයක් තිස්සෙ මගෙන් වෙන්වෙල ඉදල ඇවිත් කියනව දිවි නහගත්තට ප්‍රශ්නයක් නෑ තුසිත දිව්‍ය ලෝකෙ උපදින්න පුලුවන් කියල. මම ඔහුට කීවා ඒක කීයටවත් වෙන්නෙ නෑ වජ්රසත්වතුමාගෙ ඉගැන්වීම් අනුව බරපතල කායික පීඩාවක් එක්ක මැරුණොත් සිහි විකල් වෙනවා. එතකොට උසස් තැනක උපදින්න බෑ. එක්කො ප්‍රේතයෙක් වෙයි නැත්නම් අපායෙ යයි කියල.
ගුණරත්න මුදල් ආරවුලකට මැදිවෙලා වසබීල මිය ගියා.
පස්සනේද උදේම මෙන්න මා ළගට ඇවිත් ප්‍රේතාත්මයක් වෙලා. කුණුගද ගහන ප්‍රේතාත්මයක්. මම කීවා කරුණා කර යන්න මට වද නොදී කියල. ඇහුවෙ නෑ.
මම සැරෙන්ම කීවා ආයෙත් පැත්ත පලාතෙ එන්න එපා. මම කීවනෙ ඔය ටික වෙයි කියල.
මට සැක හැර ගන්න මම ප්‍රේතාත්මයට කීවා අහවල් තැනට ගිහින් තමන්ගෙ අහවල් ඥාතියා ඉදිරියේ පේන්න කියල. එදාම රාත්‍රියෙ
අර ඥාතිය කතා කරල කීවා ගුණරත්නගෙ ප්‍රේතාත්මය දැක්ක කියල.
මරණින් මතු උපත සම්බන්ධයෙන් මම රහස් රැසක් ලියා තියල තියෙනව. වජ්රසත්ව සූත්‍ර නිර්දේශය කියන පොතයි තවත් පොතකුයි වෙන් වන්නෙ මරණින් මතු උපත පිළිබද රහස් වලට.
ඒ පොත් අරගෙන කියවන්න. වැඩි දෙනෙකුට මරණය අප්‍රසන්න ඉරණමක් අත් කර දෙනවා. ඒක ඉරහද වගේ සහතිකයි. නමුත් සතර අපායෙන් ගැලවිල උසස් උපතකට යන්න විශේෂ උපදෙස් වගයක් තියෙනව. මරණින් මතු සුගතිගාමී වන්න කැමති අයට පමණක් ඒ පොත් වලින් බලල ඒවායේ එන ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න පුලුවන්. මගපල ලැබීම, ධ්‍යාන වශී කර ගැනීම, මරණයට පෙර කයින් පිටවීම,
ගමන් බල ඉපදවීම, පිටසක්වල බෝසතුන් හා මිත්‍රවීම යන ක්‍රම වලින් මරණින් මතු නියත වශයෙන් ස්වර්ගාරෝහණය වෙන්න පුලුවන්.
Nilantha hettige
Sadaham Sarana - Copyright . All rights reserved.