by Admin
16 Feb, 2026
Articles
බෝධිසත්ව චර්යාවේ රහස්
බෝධිසත්ව චර්යාවේ රහස්:-
බෝධිසත්ව චර්යාවේ රහස්:-
2024-01-01 කියන්නෙ අමතක නොවන දවසක්. පොලිස් කණ්ඩායම් තුනක් ඇවිත් මාව වට කර ගත්තා. ප්‍රකාශයක් ගන්න කොළඹ යන්න කතා කරා.
මොනව ගැනද? මගේ ඇදහිලි ගැන.
එයලට ඕන වුනේ බෝසත්වරුන් ගැන මම හෙලිකරපු රහස් ගැන දීර්ඝ ප්‍රකාශයක් ගන්න. නිලධාරි තුන් දෙනෙක් ප්‍රකාශ තුනක් සටහන් කර ගත්තා. අපි ආයෙත් එන්නම් කියල යන්න ගියා. එදා හවස 3.00 ට විතර ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් බොහොම වැදගත් විදියට කතා කරා.
මම එලිකරපු බෝධිසත්ව කතා නිසා වැල නොකැඩි බෝසත්වරු පහල වෙනවලු. ඒක නවතන්න කියල ඉහලින් අණ ලැබුණලු.
පුලුවන් නම් රනිල්ගෙ බලය නැති වෙනකං ඕව ගැන කතා නොකර ඉන්න.
මම ඒ ඉල්ලීමට එකග වුනා. 2024-01-01 සිට 2025-10-09 තෙක්ම නිහඩ වුනා.
කෙනෙකුට හිතන්න පුලුවන් බෝසත්වරු ගැන කතා කරාම දේශපාලකයන් බය වෙන්න ඕනද කියල?
සත්තකින්ම ඔවුන් බයයි. ඊට හේතුව ඔවුන් තම පැවැත්ම සහතික කරන්නෙ කපටිකමෙන්, බොරුවෙන්, වංචාවෙන්.
සත්‍යය හෙලිදරව් වෙනවට ඔවුන් බයයි.
ඇත්තටම අප අතරෙ බෝසත්වරුන් කී දෙනෙකු නම් ඉන්න පුලුවන්ද?
දහස් ගාණක් ඉන්න පුලුවන්.
ඒත් ඇයි බෝසත්වරු කිව්වම එච්චර බය වෙන්නෙ?
ඒක කාලීන බන කාරයො හදපු බොරු බයක්.
බෝසත්වරු කියන්නෙ මහායාන අදහසක්ද?
අපෝ නෑ. මුලු ත්‍රිපිටකය පුරාම බෝධිසත්ව කතාව දිව යනව. ඛුද්ධක නිකායෙ ජාතක පාලි, අපදාන පාලි, ථෙරගාථා, ථෙරි ගාථා, උදාන වගේ කොටස් මුලුමනින්ම වෙන්වෙන්නෙ බෝධිසත්ව සංකල්පය ප්‍රමෝට් කරන්න.
ඒ වගේම චක්කවත්තී සීහනාද සූත්‍රය, අනාගතවංස සූත්‍රය වගේ පලමු ධර්ම සංගායනාවෙ සූත්‍ර තුලත් බෝධිසත්ව සංකල්පය ලොකුවට සදහන් වෙනව.
බෝධිසත්ව සංකල්පය වඩාත් තීව්ර ලෙස විස්තර කෙරෙන්නෙ බුදුන් වහන්සෙ සකස් පුරෙන් බැස්ස සිද්ධියෙදි.
තමන් වෙතින් බුදුවීමට විවරණ ඉල්ලන සෑම කෙනෙකුටම විවරණ දීම බුදුවරුන්ගේ සිරිත බව එහි සදහන්.
ඒ වගේම බුදුවීමට පෙරුම් පුරන්න බුදුවරුන් හමුවට යන්න ඕනෑ නෑ.
තමන්ට බුදු වන්නට අවශ්‍ය බව අදිටන් කරන හැම කෙනෙකුම ඒ සිතුවිල්ල ඔස්සේ යන්න පටන් ගත් මොහොතේ පටන් බෝධිසත්වයෙක්.
බුදුන්වහන්සේ බෝසත්වරියක ලෙස තමයි ගමන ආරම්භ කරල තියෙන්නෙ.
ඒ වගේම හා දැං පාරමී දම් පිරුව ඇතිය කියල හිතන හැමෝම රහත් වෙල සසර කෙලවර කරන බවත් සකස්පුර සිද්ධියේ සදහන් වෙනව.
බෝසත්වරුන් බුදුවීම කොතරම් ෂුවර්ද කිව්වොත් බුදුන් වහන්සේ ඝාතනය කර බුදුවීමට බලාසිටි දේවදත්තයන් පවා පසේ බුදු වන බව අට්ඨ කතාවේ සදහන්.
ලංකාවට බෝධිසත්ව යානය හදුන්වා දෙන්න ගිහින් මම තව පොඩ්ඩෙන් නතර වෙන්නෙ පිස්සන් කොටුවෙ. එදා පොලිස් කණ්ඩායම් තුනක් එවල තිබුනෙ මාව පිස්සන්කොටුවට ගෙනිහින් දාන්න.
මමත් සරල ජීවිතයක් ගත කලාට බුදුදහම පරතෙරටම දත් කෙනෙක්. ඒ නිසා මට සිදුවන කරදර වලදි ධර්මය පලිහක් ලෙස භාවිත කරන හැටි මම දන්නව.
මම බෝධිසත්ව ප්‍රතිපදාව හෙලිදරව් කලේ සකල ලෝකවාසීන්ගේ හිත සුව පතාගෙන. කැමති කෙනෙකුට ඒ ප්‍රතිපදාව සමාදන් වෙල බලන් හිටිද්දි ආධ්‍යාත්මික ජයග්‍රහණ ලබන්න පුලුවන්.
ඒ මොකද, බෝසත්වරුන්ටම විශේෂිත
අභිංඥා බල තියෙනව. එලෙස අභිංඥා බල ලැබෙන්නෙ තමන්ගෙ අවසන් ඉලක්කයට නිවැරදිව ලගා වෙන්න.
සදහම් සරණ කියන වැඩසටහන මම ආරම්භ කලේ බෝධිසත්ව ප්‍රතිඥාවෙන් යුතුව. කැමති කෙනෙකුට ඊට සම්බන්ධ වෙල බෝධිසත්වභාවයට පැමිණිලා ඒකෙ වෙනස අත් විදින්න පුලුවන්.
නිලන්ත හෙට්ටිගේ