Working: 8.00am - 5.00pm
පිටසක්වල රහස් අපට බෙදන කම්මැළි බෝධිසත්වයා (2017 දී ලියූවක්);-
පිටසක්වල රහස් අපට බෙදන කම්මැළි බෝධිසත්වයා (2017 දී ලියූවක්);-
මා සාග නම් පිටසක්වල ලෝකය ගැන විස්තර මුල්වරට ලියා පළ කළේ 2011 වර්ෂයේදීය. විශාල සූර්යයෙකු වටා යන කුඩා සූර්යයෙකුට එපිටින් පරිභ්‍රමණය වන සාග ලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටියකි. සාග ලෝකයේ දිවා රෑ වෙනසක් නැත. එහි එක් පැත්තක් සෑම විටකම ප්‍රධාන සූර්යයාට මුහුණලා පවතියි. ජීවීන් බහුල මනරම් සාග ලෝකයට අයත් ප්‍රධාන සූර්යයා පෘථිවියේ සිට ඉතා කුඩාවට දැකගත හැකිය. ඒ සූර්යයාගේ අතවැසි සාග ලෝකය දුරේක්ෂ වලින් පවා ගැකගැනීමට අපහසුය. එනමුත් එනමුත් නිවැරදි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කර නොබෝ කලෙකින් සාග ලෝකය විද්‍යාඥයන්ගේ උපකරණ වලට හසුවන බව 2011 වර්ෂයේදී ලියා තැබීමි. 2017 වර්ෂයේදී එවැනි ජීවයට සුදුසු ග්‍රහවස්තුන් 6ක්ම සොයාගනු ලැබීය. පුදුමයකට මෙන් ඒවාද සාග ලෝකය මෙන් එක් පැත්තක් මව් තාරකාවට මුහුණලා කක්ෂගත වී ඇත.
සාග ලෝකයෙහි දැනට වසර දහස් ගණනකට පෙර ඇතිවූ දීර්ඝ යුද සටනකින් පසු නිල් පැහැ රුධිරය ඇති ක`ථවන් මිනිස්සු අ`ථවන් මිනිසුන් පරදා ජය තහවුරු කළහ. එකිනෙකා බෙදී කුලල් කාගත් අ`ථ මිනිස්සු සදාකාලික වහ`ථන් බවට පත්වූහ. මේ යන විධියට සිංහල අපටද අ`ථ මිනිසුන් මුහුණ පෑ ඛේදවාචකයට නොබෝ කලෙකින්ම මුහුණ දීමට සිදුවනු ඇත.
කුමන ලෝකධාතුවක වෙසෙන කෙනෙකු වුවද සත්‍යාවබෝධය කරන ලද්දේ නම් ඒ උත්තම පුරුෂයා බුදුවරයෙකු බව කියනු ලැබේ. සාග ලෝකයෙහි සාගිත නම් භාෂාව ජනප්‍රියව පැවතියද සෑම බුදුවරයෙකුම බණ කියන්නේ විශ්වීය මව් භාෂාව වන පාළි බසිනි. සාගිත භාෂාව සංස්කෘත භාෂාවට හැඩහුරුකම් දක්වන බව යෝගියෙකු කී බ වමට මතකය. පෙරකල නිල් මිනිසුන් අතර ඉපැදුණු මිනිසෙක් දස පාරමී දම් සපුරා දුෂ්කරක්‍රියා කර බුදුබවට පත්විය. ඒ බුදුවරයා මේඝිය නම් විය.
සාග ලෝකවාසී තරුණයෙක් නිල් පැහැති මේඝිය බුදුන්ගෙන් බණ අසා පැහැදී මහණදම් පිරීමට අවසර පැතීය. බුදුවරු හේතු සම්පත් ඇති අයට මහණදම් පිරීමට අවසර දෙති. මේඝිය බුදුන් වෙත පැමිණ ධර්මාකර නමින් මහණවූ තරුණයා මෙත්තා චේතොවිමුක්තිය පිණිස භාවනා ආරම්භ කළේය. මෙතැන් පටන් මා සම්බෝධියට පත්වන තුරු කුරු කුහූඹු ආදී හෝ ප්‍රාණියෙකුගේ දිවි තොර නොකරන්නෙමැයි ධර්මාකර භික්ෂූන්වහන්සේ ධූතාංගයක් සමාදන්වුයේය
ඒ ධූතාංගධාරී භික්ෂුව තම දෙපයට පෑගී කුරු කුහුඹු ආදී සතුන් මිය යතැයි යන බියෙන් මු`ථ දවසම කුටියටවී වාසය කළේය. මු`ථ දවසම මෛත්තා චේතො විමුක්තියෙන් කල් ගත කළේය. උන්වහන්සේ ආයුෂ අවසානයේ මිය පරලොව ගොස් සාගලෝකයට අධිපති කත්රිත නම් සක්විත්තාගේ අගමෙහෙසියගේ කුසයෙහි පිළිසිඳ ගත්තේය.
කත්රික රජු ඇතු`ථ සාගලොව නිල් පැහැ රජපරපුර බොහෝ ආයුෂ ඇති අය වෙති. කත්රිකයන්ගේ අගමෙහෙසිය වන වජ්රයෝගිනිය දසදහස් වියැතිය. එනමුත් එලොව කාල ගණනය කිරීමේ ක්‍රම අනුව ඇය යන්තම් හිරිමල් තරුණ විය පසු කළ තැන්තියකි. මහා පින් ඇති වජ්රයෝගිනියගේ රුව ටිබටේ රටේ තාන්ත්‍රික පොතපතෙහිද විහාරචිත්රයන්හිද ඉතා මැනවින් චිත්රණය කර ඇත. දහසයවියැති සුකොමළ තරුණියක් වන් වජ්රයෝගිනිය සාග ලෝ වැසි සාමාන්‍ය ජනතාව මෙන් නිල් හෝ අ`ථ පැහැය නොගත්තීය. ඇගේ සම රතුවන් පැහැතිය. ඇගේ අක්බමරුවන් දිගු කෙස්කළඹ හිස සිට පාදාන්තය දක්වා වැවී ඇත්තේය.
වඩාත්ම පුදුමයට කරුණ එය නොවේ. වජ්රයෝගිනිය සම්පූර්ණ නිර්වස්ත්‍රව සිටින ආකාරයක් බොහෝ තාන්ත්‍රික රූ සටහන්හි දක්වා තිබීමයි. නිර්වස්ත්‍ර වජ්රයෝගිනියගේ ගෙල සිට දෙපසට වැටී ඇති මල්දම් දෙකකි. සාග ලෝ වැස්සන් සොබාදහමට සමීපව ජීවත්වන බව සංකේතමත් කිරීමට මල්දම්වලින් කය හැඩකර ඇති බව සමහර තිබ්බතීය විස්තරයන්හි ඇතුලත්ය.
වජ්‍රයෝගිනී චරිතය ටිබට් බුදුදහමෙන් නොනැවතී ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය දක්වාම ඈතට ඈතට දිවයයි. තිබ්බතයේදී වජ්‍රයෝගිනී සහ දේව ඩාකිනී යන නමින් හැඳින්වෙන ඇය හින්දු යෝගීන් අතර කුණ්ඩලනී මාතා යන නමින් ද ජගන් මාතා යන නමින්ද ප්‍රසිද්ධය. මොහෙන්ජෝදාරෝ සහ හරප්පා යන නගර ඇසුරුකරගත් ඉපැරණි ශිෂ්ඨාචාරයන්ට අයත් පුරාවස්තූන් අතර ජගන් මාතාව ලෙස පැහැදිළිව හඳුනාගත හැකි නිර්වස්ත්‍ර කාන්තාවකගේ මූර්තින් සොයාගෙන ඇත .පුරාතන විශ්වාසයන් අනුව මෙලොවට කුණ්ඩලනී යෝගය දායාද කළේ වජ්රයෝගිනිය හෙවත් ජගන්මාතාව විසිනි
දරවන් දසදෙනෙකු ජාතක කළද රූපශ්රියෙහි අඩුවක් නම් නැති, රාගික හැඟුම් උපදවාලන පෙනුමෙන් ද යුතු වජ්රයෝගිනිය පසුකලෙක තපසට බරව අෂ්ඨ සමාපත්ති උපදවාගත්තාය. ඉන්දු නිම්න භූමියමත වැඩෙන ලදරු මට්ටමේ මානව ශිෂ්ඨාචාරය කෙරෙහි අනුකම්පා උපදවා ගත් ඇය දැහැන් බලයෙන් වරින් වර පෘථිවියට පැමිණ මෙලෝවාසීන් යහමඟට ගැනීමට අපමණ වෙහෙසක් ගත්තාය.
මෙබඳු මහා පින් ඇති වජ්රයෝගිනියගේ කු`ථඳුල් පුත්රුවන අක්ෂෝභ්ය නම් වෙයි. පෙර සසරෙහි පුරුද්දට තනිව කාමරයට වැදී පොත පත ඇසුරු කරමින් ජීවත්වූ අක්ෂෝභ්ය ඔහුගේ ගුණගරුක බව නිසාම බෝධිසත්ව යන නාමයෙන් පිදුම් ලද්දේය. ඕනෑම දරුවෙකුට පමණට වඩා සැපසම්පත් ලැබුණොත්, ඉල්ලන ඉල්ලන දේ ළඟමට ලැබුණොත් ඒකා කම්මැළියෙකු වීම වළකනු නොහැක්කේය. අක්ෂෝභ්ය කුමාරයා පෙර සසරෙහි පුරුද්ද නිසාද ඉල්ලන ඉල්ලන දේ ළඟට ලැබෙන නිසාද උපන්ගෙයි කම්මැළියෙකු බවට පත්විය. හේ සෙළවිය නොහැකි කම්මැළියා යන අරුතෙන් යුතුව අක්ෂෝභ්ය නම් අන්වර්ථ නාමය ලැබීය.
මේ කලකට පෙර සාග ලෝකයේ වූ සිද්ධියකි. සාග ලෝ වැස්සන්ට වැසි ලැබෙනුයේ සම්පා නම් විලෙහි වතුර වාෂ්ප වී වළාකු`ථ තැනීමෙනි. ඒ වළාකු`ථ වලින් වැටෙන වැස්ස සමහර කාලවල පොළවට නොවැටී සම්පා විලටම වැටෙයි. මේ හේතුවෙන් සාගලෝවැස්සෝ කලින් කල නියඟයෙන් පීඩා ලදහ. එවන් එක් දිනෙක ඔවුහු කත්රිකයන්ගේ මාළිගාව වටලා වැසි ලබාදීමට කුමක් හෝ දෙයක් කරන මෙන් ඇවිටිලි කළහ. රටවැසියාගේ කන් කරච්චලය ඉවසාගත නොහැකි අක්ෂෝභ්ය තෙමේ මාළිගයේ උඩුමහල් තලයක ජනෙල් පියන් හැර ජනතාව දෙස බලා ඔවුන් කෙරෙහි මෙත් සිත් ඇතිව වර්ෂාව පහළවේවා යනුවෙන් කියා කවු`ථ පියන්පත් වසාගත්තේය. ඒ හා සමඟම හාත්පස වළාකුළින් බරවිය. ඈත ක්ෂිතිජය තෙක්ම ක`ථවර විය. අහස ගුගුරන්නට පටන්ගත්තේය රැස්ව සිටි පිරිස් අමන්දානන්දයට පත් කරමින් මොරසූරන වැස්සක් වැස්සේය. රටවැස්සෝ ඔල්වරසන් දෙමින් අක්ෂෝභ්ය කුමාරයාට දිගාසිරි පැතූහ.
බුදුවරයෙකු ලොව පහළ වන්නේ කළාතුරකිනි. සාග ලොව බබලවමින් සිටි මේඝිය බුදුන් වහන්සේ අක්ෂෝභ්යගේ කාලය වන විට පිරිනිවනට සැපත්ව තිබුණි. පින්වත් අක්ෂෝභ්ය කුමරු තනිව කාමරයටවී බුද්ධ දේශනා සියල්ල ග්‍රන්ථාරූඪ කළේය.
සාගලොවට අධිපති කත්රික රජු දසසක්විති වත් පුරමින් රාජ්‍යය කළේය. එහෙත් හේ තම අනාගතය ගැන බිය විය. නුවණැත්තා බිය නිසාම දුර්වල තැන් ශක්තිමත් කර ඉදිරියට යයි. අඥානයා බිය නිසා පසුබැස පළා යයි . කත්රික රජතෙමේ තම රාජධානියේ බලය කෙදිනක හෝ තමාගෙන් ගිලිහී නොයන්නට ක්රමෝපායක් තම පුත්රරත්නගෙන් විමසීය.
අක්ෂෝභ්ය කුමාරයා තම දැනුම උපරිම ලෙස භාවිත කර බුද්ධ දේශනාවන්ද සැලකිල්ලට ගෙන “පාලන තන්ත්රය” නමින් ග්රන්ථයක් සකස් කළේය. කත්රිත රජු තම පුත්‍රයාගේ උපදෙස් හස් මුදුනින් ගෙන පාලන තන්ත්රය ප්‍රතිව්‍යුහගත කළේය. එතැන් පටන් කත්රිකයන්ගේ අනාගත බිය පහවිය. “අක්ෂෝභ්ය පාලන තන්ත්රය” යන නම එරට දේශපාලන ක්‍රමය හැඳින්වීමට ව්‍යවහාර විය. අක්ෂෝභය සිය පාලන තන්ත්රය නම් පොත සාගිත බසින් ලියා තැබීය. එහි මෙයාකාර විස්තර ඇතුලත්ය.
“ පියාණනි ඔබට සැමදා බලයේ සිටීමට අවශ්‍ය නම්, අපරාජිත නායකයෙකු වීමට ඇවැසි නම් මා කියන උපදෙස් අනුව රාජ්‍යය විචාරනු මැනවි. සාවධානව අසනු මැනවි, ධාරණය කරගනු මැනවි තේරුම් සමඟ අවබෝධකරගනු මැනවි, උගත් දේ අවබෝධයෙන් යුතුව භාවිත කරනු මැනවි”
“ පියාණනි රජු රටවැසියාට මවක් විය යුත්තේය. රජු වෘත්තියෙන් ගොවියෙකු විය යුත්තේය. හැසිරීමෙන් නාගයෙකු විය යුත්තේය”
“ පියාණනි ඔබ රටවැසියාගේ මව ලෙස සලකා රාජ්‍ය විචාරණය කළ යුත්තේය. සියල්ලන්ට සමව සැලකිය යුත්තේය. රටවැසියනුත් ඔබගේ මෙහෙසියන්ගේ දරුවනුත් අතර වෙනසක් නොදැකිය යුත්තේය. මිනිසුන්ද ගස්වැල්ද සතා සීපාවෝද ඔබේ දරුවෝමය. ඔබ රජවූ තැන් පටන් පවුලේ නායකයා පමණක් නොවන්නේය. රජවූ තැන් පටන් සමස්ථ භූමි තලය ඔබේ පාලනයට යටත් වන්නේය. ඔබ මිනිසුන්ගේ නායකයා පමණක් නොව වගවලසුන් ආදී සතුන්ගේද අනභිභවනීය නායකයා වන්නේය. ඔබ විසින් කවර හෝ සත්වයෙකු නැසීම ඒ සත්ව වර්ගයාගේ නැස්මේ ආරම්භය වන්නාක් සේම එය ඔබේ නැස්මෙහි ආරම්භයද වන්නේය. මවක් දරුවන් නොමරන්නාක්සේම රටවැසියා ඝාතනයෙන් වැළකිය යුතුය වැළැක්විය යුතුය සෑම තිරිසන් සතෙකුම තමන්ගේ පුත්‍රයන්ට මෙන් සෙනෙහස දැක්විය යුත්තේය. ”
“ තවද පියාණනි මා ඔබට ගොවියකු වන්නැයි කීවේ ක්ෂේත්රයට සමව සැලකිය යුතු නිසාවෙනි. ගොවියා ක්ෂේත්රයේ සෑම තැනකටම පොහොර සමව යොදන්නාක් මෙන් ඔබගේ ආදර කරුණාවද සංග්‍රහයන්ද රටවැසියාට සමානව කළ යුත්තේය. ලැබිය යුත්තාටම දිය යුත්තේය. දිළින්දන්ට පළමුව දිය යුත්තේය. දක්ෂ ගොවියෙකු නිතර ක්ෂේත්රය පිරික්සන්නාක් මෙන් ඔබ ලබා දෙන සහනාධාරවලට වූයේ කුමක්ද යන්න පිළිබඳව පසු විපරම් කළයුත්තේය. ක්ෂේත්රයට සමව සලකන ගොවියා සරු අස්වැන්නක හිමිකරුවෙකු වන්නාසේම එබඳු ගුණ ඇති පාලකයා රටවැසියාගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වන්නේය.”
“ තවද පියාණනි මා ඔබව සර්පයෙකු සේ හැසිරෙන්නැයි කීවේ මන්දයි ඔබ මගෙන් විමැසිය යුත්තේය. රාජ්‍යයක පැවැත්මට බාහිර හා අභ්‍යන්තර සතුරු කරදර ඇතිවිීම නොවැළැක්විය හැකිය. එබඳු කවර හෝ කරදරයකදී නීති පොත් වසා තබන්න. හදිසි කරදරයකදී නීතියෙහි පිළිසරණ පතන පාලකයා අඥානයෙකි. හදිසි කරදර වලට හදිසි විසඳුම් යෙදිය යුත්තේය. පියාණනි ඔබ සාගලෝකයට සෙවණ දෙන මහා නුගයක් වැන්නේය. ඔබේ යහපැවැත්ම අපේ යහපැවැත්මද වන්නේය. හදිසි සතුරු කරදරයකින් ඔබ නැසුනොත්, ඇද වැටුණු නුගයක් යට සිටි සතා සීපාවන්ට වන ඉරණම අපටද අයත්වනු ඇත. පියාණනි තුඔසක ඇති නිධානයක් රකින නා රජිඳෙකු මෙන් බාහිර අභ්‍යන්තර කරදරවලින් නොපමාව හා ප්රචණ්ඩ ලෙසද අනුකම්පා විරහිතවද ක්‍රියාකර අපව ආරක්ෂා කර දෙනු මැනවි”
“තවද පියාණනි, කර්මය උලක් වැන්නේය. යදමක් වැන්නේය. ගිනි පුපුරක් වැන්නේය. අඥාන කෲර පාලකයා තමන්ගේ අත්තනෝමතික දඬුවම් අවසාන ගොදුර බවටම පත්වන්නේය. කිසිදින ආවේග මත තීරණ නොගන්න. හේතු යුක්තිය මතම තීරණ ගන්න ඔබ ගන්නා තීරණ ලියා තබන්න. ඔබගේම කර්මයේ යදමින් ඔබව බැඳෙන දඬුවම් ලබා නොදෙන්න”
“පියාණනි, තමන්ට ආපසු විපාක නොදෙන ලෙස දඬුවම් දිය හැකි ක්‍රම ඇත්තේ තුනක්ම පමණි. හතරවෙනි සාධාරණ දඬුවමක් නොමැත්තේය. වරදකරුට පාඩුවක් සිදුකර වරදෙන් පීඩාවූවන්ට වාසියක් කරන්න. එවිට යුක්තියෙහි තුලා දණ්ඩ මා විසින් සම කළේ යැයි ඔබටම සතුටු විය හැක්කේය. වරද කළවුන් වෙන් කර තැබීම දෙවන දඬුවමයි. වෙන් කිරීමෙන් වරදට ඇති ඉඩ ඇහිරෙයි. වරදින් පීඩාවට පත්වූවන්ගේ සිත සතුටුවෙයි. මා විසින් යුක්තියෙහි තුලා දණ්ඩ සම කරන ලදැයි ඔබටම ප්‍රීති විය හැක්කේය. වරදකරුවන්ට නිග්‍රහ කිරීම තෙවන දඬුවමයි. වරදකරුට කරන නිග්‍රහයෙන් පෙර මා කී ලෙසම යුක්තියෙහි තුලා දණ්ඩ සමකළ බවට ඔබටම සතුටු විය හැක්කේය.”
රාජ්‍ය පාලනය හා යුක්තිය ඉටු කිරීම පිළිබඳ වටිනා රහස් රැසක් එළිකළ අක්ෂෝභ්ය කුමරු එතැන් සිට රාජ්‍ය විචාරීම පිළිබඳ සාග ලෝකයේ පෙරපටන් පැවති සම්මුතීන් ලියා තැබීය.
විශ්වය හරි අපූරු තැනකි. සමහර තැනක පිරිමින් හා ගැහැණුන් වෙසෙන ලෝක ඇත පෘථිවිය හා සාගලෝකය එවැන්නකි. සුඛාවතියේ පුරුෂයෝ පමණක් වෙත්. පෘථිවියත් සුඛාවතියත් අතර පුරුෂයන් පමණක් සිටින ලෝකධාතු හතක් වෙයි. සාගලෝකයේද පෘථිවියේද රජවරුන්ට අමතරව ලෝක පාලන දෙවිවරු සිටිති. ආරක්ෂක දෙවිවරු සිටිති. සිය`ථ ආරක්ෂක දෙවිවරු දේවායුධ අතින් දරන රුදුරු පෙනුමැති පුරුෂයෝම වෙති. යම් රාජ්‍යයක ස්ත්‍රියක් රාජ්‍ය විචාරන්නට යෙදුන කල අරක්ෂක දෙවිවරු රැකවල් කරන තැන්වලින් බැහැර වෙති. ආරක්ෂක දේවතාවන් බැහැරවූ කල ඒ තැන් වලට වෙනත් අමනුෂ්‍යයෝ පැමිණ සිය`ථ වැඩ කටයුතු අවුල් කරති. ඒ හේතුව නිසා ස්ත්‍රියකට වැඩිකල් රාජ්‍ය විචාරය කළ නොහැක්කේමය. සිය`ථ බුදුවරුන්ගේ මතයද එයම වන්නේය.
රාජ්‍ය පාලකයාද ගෙහිමියාද ගින්නෙහි උපමාව ගැන දත යුත්තේය. ස්ත්‍රිය ගින්දරට සම කර ඔවුන් සමඟ වෙසිය යුත්තේය. ගින්දරෙන් බොහෝ වැඩගත හැකි අතර බොහෝ විනාශයන්ටද එයම මුල් වෙයි. ගින්දර පාලනය කරන්නට දක්ෂයා ගින්දරෙන් වැඩගන්නටද දක්ෂයෙකි.ගින්නට ඔබව පාලනයට ඉඩදීම ඔබේ අවසානයයි.ඔබ පළමුව ගින්දර පාලනයට හුරුවන්න එයින්ම ලෞකික ජීවිතයේ සමෘද්ධිය ඇති වන්නේය.
තවද සෑම කෙනෙකුම විසින් පෞද්ගලික සුභසිද්ධිය පිණිස යොදාගත හැකි වටිනා උපදෙස් රැසක් ඇත්තේය. ඒ උපදෙස් පිළිපදින අයෙකුගේ දියුණුව වැළැක්විය නොහැක්කේමය අක්ෂෝභ්ය ආර්ථික ප්‍රතිපත්තිය අනුව ඔබගේ මිල මුදල්ද ඔබගේ දුර්වලකම්ද පිටතට නොදිය යුතු රහස්ම වන්නේය. ඔබගේ දුර්වලකම් දකින සතුරු පිරිස් පහසුවෙන් ඉලක්කය ගනිති. ඔබගේ නිවසෙහි දුර්වල තැන් රටට ප්‍රකාශ කිරීමෙන් අවැඩක් වන්නාසේම ඔබගේ දුර්වලකම් ගැන ඔබ කථා කිරීමෙන් ඔබටම අවැඩක් සිදුවේ.
(අක්ෂෝභයගේ රහස් ඉගැනවිීම් රැසක් ඊළඟ කොටසින්)
නිලන්ත හෙට්ටිගේ...
Sadaham Sarana - Copyright . All rights reserved.