by Admin
24 Mar, 2026
සංවාදයට පණිවිඩයක්
බුද්ධාගම කියන්නෙ පැරණි වෛදික ආගම් සහ ජෛනාගම සම්මිශ්‍රණයෙන් හැදුනු අතුරුපලයක්.
බුද්ධාගම කියන්නෙ පැරණි වෛදික ආගම් සහ ජෛනාගම සම්මිශ්‍රණයෙන් හැදුනු අතුරුපලයක්. කර්මය,ශීලය, අනුපූර්ව ප්‍රතිපදාව, සතර බ්‍රහ්ම විහාර, නිර්වාණය වගේ දේවල් ජෛන සංකල්ප...
කවුරු මොනව කිව්වත් බුද්ධාගම කියන්නෙ පැරණි වෛදික ආගම් සහ ජෛනාගම සම්මිශ්‍රණයෙන් හැදුනු අතුරුපලයක්.
කර්මය,ශීලය, අනුපූර්ව ප්‍රතිපදාව, සතර බ්‍රහ්ම විහාර, නිර්වාණය වගේ දේවල් ජෛන සංකල්ප.
බුදුදහම වෛදික ආගම් අනුව යමින් ස්ත්‍රියට වඩා උසස් තත්වයක් පුරුෂයාට හිමිකර දෙනවා. ඒක පුරුෂ මූලික සමාජ ක්‍රමයක් තුල බලාපොරොත්තු විය හැකි තත්වයක්.
වෛදික සාහිත්‍යයේ එන සදෙව්ලොව, යමරජු, සුර අසුර යුද්ධය, ලෝකාරම්භය පිලිබද කතා ප්රවෘත්ති බුදුදහම තුල එලෙසම පවතිනව.
බුදුදහම අදේවවාදයක්ද බහුදේවවාදයක්ද කියන ගැටලුව පහසුවෙන් නිරාකරණය කරන්න බෑ. හිරු සදු වර්ෂාව වලාකුලු සුලග තාපය වගේ දේවල් දේවත්වයේ ලා ගැනෙනව.
පෘථිවිය පිලිබද බෞද්ධ ඉගැන්වීම් තුල විස්තර වනුයේ මහාද්වීහ හතරක්, සාගර හතක් සහ ඒ වටා පිහිටි උස් මුදුන් වලින් යුතු කදු පන්ති හැටියට.
පෘථිවි කබොල යට ජලයත් ඊට යටින් වාතයත් පවතින බව සදහන්.
පිරිසිදු බුදුදහමෙ වුනත් විද්‍යව සමග ගැටෙන බොහෝ දේ තියෙනව. ඒ වගේම වර්තමානයට නොගැලපෙන සමහර දේ තියෙනව. බුදුදහමෙ කියන්නෙ නින්ද අඩු කරගන්න, දවල්ට පමණක් රැකියාව කරන්න වගේ දේවල්.
ඒ වගේම යුද්ධ කර දිනාගත් කාන්තාව ජයග්රාකයාට අයත් වන අතර ඇය සමග කායික සම්භෝගයේ අයිතිය හිමි වන්නේ ජයග්රාහකයාටයි.
ඒ නිසා බුදුදහම වුනත් ප්‍රවේසමෙන් අධ්යනයනය කරල එහි ඇත්තටම වටින දේ හදුනාගෙන වර්තමානයේ තියෙන ප්‍රශ්න සමග ගලපාගෙන තමන්ගෙ ආගම තමන්ම නිර්මාණය කර ගැනීම වඩාත් හොද ක්‍රමයක් හැටියට මම දකිනව.
ඒ කියන්නෙ බුදුදහමෙ එන කර්මය, පුනර්භවය, නිවන, භාවනාව වගේ හොද දේ අරගෙන එතැන් පටන් වඩාත් ප්‍රබල ඇදහිල්ලක් නිර්මාණය කරගන්න අපට සිදු වෙනව.
මම 2012 දි හදුන්වා දුන් පිටසක්වල බුදුදහම අන්න ඒ වගේ තුලනාත්මක එකක්. ඒක ඇදහිල්ලක් නෙවෙයි. ගමන් මාර්ගයක්.