by Admin
27 Jan, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
දුතිය ශරකානි සූත්‍රය ඇතුලු සූත්‍ර ගණනාවක් අනුව සෝවාන් වෙන්න හරිම ලේසියි.
සෝවාන් වෙන්න ක්‍රම 26 ක්( සූත්‍ර පිටකය)
දැන් බලන්න ඔය කියන ඉගැන්වීම් යුග
තුනකට අයත්. ඒ කියන්නෙ
1. මුලින්ම සෝවාන් වීම පහසු යුගයක්.
2. ඊට පස්සෙ මගපලලාභියො අලුතින් බිහිවීම අඩුවුනා
3. බුදු හාමුදුරුවො සෝවාන් වෙන්න අලුත් ක්‍රම හදුන්වල දුන්නා.
මිගසාලා සූත්‍රයෙ හැටියට මාර්ගපල
විෂය ගැන විවරණය කරන්නට ධර්මය නොදත් අය උත්සාහ නොකල යුතුයි. ඒ වගේම දුතිය ශරකානි සූත්‍රය ඇතුලු සූත්‍ර ගණනාවක් අනුව සෝවාන් වෙන්න හරිම ලේසියි. ත්‍රිපිටකය අනුව අනාගාමී මාර්ගයේ සිට තමයි අමාරු හරිය එන්නෙ.
ත්‍රිපිටකයෙ තියෙන නියම බුදු දහම අපේ රටේ භාවිත කෙරෙන්නෙ නෑ. අද අපේ රටේ තියෙන ජනප්‍රිය බුදුදහම විවිධ ඇදහිලි වල සම්මිශ්‍රණයක්.
පිලිම ඇදහිල්ල, බෝසත් වන්දනාව, දස පාරමී ධර්ම, විචිත්‍ර පූජාවිධි ආවෙ මහායානයෙන්.
පිරිත් පොතේ එන සමහර පිරිත් කෙලින්ම තන්ත්රයානික ඉගැන්වීම්. ජිනපංජරය, දසදිග පිරිත තන්ත්රයානයට අයත්.
ජලනන්දන පිරිත මන්ත්රයානයට අයත්.
බෝධි වන්දනාව, පංච නියාම, දස පුණ්‍යක්‍රියා, නව මහා විදර්ශනා වගේ ක්‍රම බුද්ධඝෝෂයන්ගෙ අත්තනෝමතික හදුන්වා දීම්.
බුද්ධගෝෂයන් බුදුදහම කනපිට හැරෙව්ව විතරක් නෙවෙයි, සත්‍යාවබෝධය සම්බන්ධ ඉගැන්වීම් මුලුමනින්ම වෙනස් කලා.
1. නව මහා විදර්ශනා භාවනා
2. සෝවාන් මාර්ග චිත්තය
3. ප්රත්යවේක්ෂා පහ
4. සෝතාපන්න පල සමාපත්තිය
5. සප්ත විශුද්ධිය මත සෝවාන් මාර්ගය සකස් කිරීම
යන කරුණු මුලින්ම ඉදිරිපත් වන්නෙ විසුද්ධි මාර්ගය ඇතුලු බුද්ධගෝෂයන්ගේ කෘතීන් තුලින්.
ඒ සමහර ඉගැන්වීම් තම “ අත්තනෝමතයන්” බව පිලිගන්නත් බුද්ධගෝෂ මැලි වෙන්නෙ නෑ.
හැබැයි ඒ අත්තනෝමතයන් හේතුවෙන් මුල් බුදුසමයේ ඉගැන්වීම් රාශියක් අවලංගු වුනා.
1. සද්ධානුසාරියා
2. ධම්මානුසාරියා
3. කුප්ප සත්වයා
4. සද්ධා විමුක්තයා
5. සෝවාන් මාර්ගාංග 4
6. පල අංග 4
7. ධම්මාදාස පරීක්ෂණය
8. නවසේඛ පුද්ගලයා
9. සේඛ පරිහානිය
10. සෝතාපන්න පලය සමාදන් විය හැකි බව
යන “ සෝවාන් මාර්ගය” ට අදාල මූලික ඉගැන්වීම් සියල්ල බුද්ධගෝෂයන්ගේ ක්‍රියාන්විතය හේතුවෙන් අවසන් වුනා.
මම 1995 සිට 2025 දක්වා ත්‍රිපිටකය පරිශීලනය කරමින් වරින් වර භාවනා කර අත්හදා බලමින් සමස්ථ ධර්ම කොට්ඨාශයන්ගෙන් 90% ක් පමණ නිරවුල් කරන්න මට හැකි වුනා.
මා විසින් පිරිපහදු කර නැවත හදුන්වා දෙන ත්‍රිපිටක භාවනා ක්‍රම වලින් ඉතාම ඉක්මනින් ප්‍රතිපල ලබන්න පුලුවන්.
මම උත්සාහ කරන්නෙ මගේ ජීවිත කාලය තුල නැවත මෙරට බෞද්ධයන් අතරින් මාර්ගපලලාභීන් සහ ධ්‍යානලාභීන් රැසක් බිහි කරන්න.
2011 දි මම සදහම් සරණ යනුවෙන් වැඩසටහනක් ආරම්භ කලේ ඒ කාර්යය වෙනුවෙන්.
2025 වර්ෂයෙදි මම සදහම් සරණ වැඩසටහන් වඩා වේගවත් කරමින් දීප ව්‍යාප්ත ධර්ම ප්රචාරක සේවයක් ආරම්භ කලා. එහි මුල් පියවර වශයෙන්...