by Admin
02 May, 2026
සංවාදයට පණිවිඩයක්
සත්‍යාවබෝධයට පියගැට පෙලක්: 17: .
සත්‍යාවබෝධයට පියගැට පෙලක්: 17: සියල්ල
සාපේක්ෂකය.:-
සත්‍යාවබෝධයට පියගැට පෙලක්: 17: සියල්ල
සාපේක්ෂකය.:-
බුදුදහම තුල සාපේක්‍ෂකවාදය ගැන ලොකුවට කතා කලේ නාගර්ජුන පඩිවරයාය. වසර දෙදහසක් පැරණි මූලමාධ්‍යමික කාරිකා ග්‍රන්ථය නාගර්ජුනගේ ලියැවිල්ලකි. පසුකාලීනව මහායාන මාධ්‍යමික දර්ශනයටත් ශුන්‍යතා දර්ශනයටත් පදනම සැපයූයේ මූල මාධ්‍යමික කාරිකාවෙනි.
මීට පෙර කවදාවත් නොගිය තැනකට පාරවල් සොයමින් ගිය අවස්ථාවක් සිහිපත් කරමු. වැඩිපුර දුර දැනෙනුයේ යන අවස්ථාවේදීද නැතහොත් ආපසු එන
අවස්ථාවේදී ද? ඔබේ පිළිතුර පැහැදිලිය. යන අවස්ථාවේ තරම් දුරක් ආපසු එන විට නොදැනේ. ඊට හේතුව මාර්ගය ආපසු ඇකිලී යාමද? නැත.
ඔබ යම් තැනක් සොයමින් යන විටදී මගසලකුණු විපරම් කරයි. එබැවින් ඔබේ නිරීක්ෂණ වාර
ගණන වැඩිය. ආපසු එන ගමනේදී ඔබට මං සලකුණු මතකය. එබැවින් නිරීක්ෂණ වාර ගණන අඩුය. එය ඔබට දැනෙනුයේ කාලය අඩු වීමක් හැටියටය. නැතහොත් ගමනේ දුර හැකිළී යාමක් හැටියටය.
ඔබත් මමත් උපන් මොහොතේ සිට අද දක්වාම වයසට යමින් සිටිමු. මෙලෙසම ඔබ හා මා වයස්ගතවීමේදී කාලය ඉක්මනින් යන බවක් අපට හැගේ. ඊට හේතුව වශයෙන් විද්‍යාඥයෝ විවිධ තර්ක ගෙන හැර පාති.
ඒ සම්බන්ධයෙන් මා දකින හේතුව වඩාත්ම සරල සහ තර්කානුකූල එකකි.
මොළයේ ක්‍රියාකාරිත්වය, සිතුවිලි ක්රියාරිත්වය ,ස්නායු ක්‍රියාකාරිත්වය, මාංශ පේශි ක්‍රියාකාරිත්වය ඇතුලු අපගේ ශරීර වල කුදු මහත් සියලුම ක්රියාකාරිත්වයන් වයසට යත්ම හෙමින් සිදුවන්නට පටන් ගනී. නමුත් බාහිර ලෝකය අපේ වේගය අඩුවීම ගණනකට නොගෙන ක්‍රියාත්මක වේ. වයස්ගත වීම යනු අපගේ ශාරීරික, තර්කන සහ ස්නායුක සන්නිවේදන ක්‍රියාවලියේ ක්රමික බිද වැටීමකි. එය අප නිරීක්ෂණය කරනුයේ කාලය වේගවත් වීමක් ලෙසය.
දිනෙන් දින කාලය වේගවත් වන බවට වන දැනුම ඔබ දිනෙන් දින වයස්ගත වෙමින් සිටින බවට වන සහතිකයකි.
මෙයාකාරයෙන් සියලු දෑහි සාපේක්ෂක ස්වභාවය අවබෝධ කරන පුද්ගලයා මෙලොව පවත්නෙ සියලු සබදතා කෙරෙහි ඇති ඇල්ම අනුක්රමයෙන් උදුරා උපුටා දමයි. එය එක්තරා ආකාරයකට සංසාර චක්‍රයෙන් ඉවතට පියමං කිරීමකි.
මෙයාකාරවූ සාපේක්ෂක සබදතා ගැන අවබෝධ කිරීම තුලින් ඔබේ සිත් තුල පැන නගින වැරදි නිගමන රැසක් යලි නූපදින්නටම නැසී යයි.
ප්රත්යක්ෂව ලද අවබෝධය යළි අනවබෝධ විය නොහැකිය.
Nilantha Hettige