by Admin
09 Apr, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 16:
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 16:
වසර 2500 කට පෙර අවබෝධ කරගත් ගිල්බට්ගේ නීතිය:-
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 16:
වසර 2500 කට පෙර අවබෝධ කරගත් ගිල්බට්ගේ නීතිය:-
සාර්ථකත්වය පිලිබද ගිල්බට්ගේ නීතිය අනුව ඔබගේ ජයග්‍රහණය ඇත්තේ ඔබ අතේය. ඔබගේ සාර්ථක්වය සදහා ගිල්බට්ගේ නීතියෙන් සරල උපක්‍රමයක් යෝජනා කරයි. එය RSO විසදුම් ක්‍රමය නම් වේ.
Responsibility- තමන්ගේ දියුණුවට තමන්ම වගවිය යුතුය.
Solutions- සාර්ථකත්වය වෙනුවෙන් විසදුම් යෝජනා කර ක්‍රියාවට නැංවිය යුතුය
Outcome- එවිට ලැබෙන ප්‍රතිපලය සාර්ථකත්වයයි. ඔබ එම ප්‍රතිපලයේ හිමිකරුය.
බුදුන් වහන්සේ දැනට වසර 2500 කට පෙර මේ හා සමාන කළ හැකි ඉගැන්වීමක් අපට දායාද කලහ.
“ ඔබ ඔබගේ මාර්ගය තෝරාගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ මාර්ගෝපදේශකයෙකු පමණි”.
නමුත් අද අවාසනාවකට මෙන් උගත් නූගත් බෞද්ධ සැම දෙන තථාගතයන් වහන්සේගේ අනුරූ ඉදිරිපිටට ගොස් ජයග්‍රහණය වෙනුවෙන් පව් සමා කිරීම වෙනුවෙන් යාඥා කරති.
ඒ මොන විහිලුවක්ද?
එය බුද්ධ වචනය හෑල්ලු කිරීමකි.
සරල උදාහරණයකින් මෙසේ පැහැදිලි කරමි.
එක්තරා පෙදෙසක දක්ෂ සර්ප වෙදෙකු විසීය.
ඔහු මළ බව නොදත් පිරිසක් සර්පයෙකු සපා කෑ මිනිසෙකු මැස්සක් උඩ තබා ගෙන සර්ප වෙදාගේ නිවසට ගියහ. වෙදා මළ බව කී නිවැසියෝ ඔහුගේ සොහොන අමුත්තන්ට පෙන්වූහ.
ඔවුහු වෙදාගේ සොහොන වෙත ගොස් බිම දණ ගසාගෙන ලෙඩා සුවපත් කරන මෙන් යාඥා කළහ. ලෙඩා විස මුර්ඡාවට පත්ව ඉන් අනතුරුව එතැනම මිය ගියේය. අර පිරිස වෙදාගේ සොහොනටත් සාප කරමින් මළ මිනියද රැගෙන ආපසු ගියහ.
අද කාලයේ බෞද්ධයන්ගේ වත් පිලිවෙත් මළ සර්ප වෙදා හමුවීමට ගිය මෝඩ රැළගේ ක්‍රියාවන්ට සමානය. අර්ථ ශුන්‍යය. නිෂ්පලය. නිෂ්ප්‍රයෝජනය.