Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙළක්:- 12 : අපටම වරදින්න හේතුව: ලෝකයේ ආගම් 4000 ක් ඇත. ඒ හැම ආගමකම මිනිසුන්ට අනුව තමන්ගේ ආගම නිවැරදිය, අන්‍යයන්ගේ ආගම් වැරදිය. මාස හයක් තුල ලොව ප්‍රබලම ජන කොට්ඨාශය බවට පතිවීමට අපට හැකිය.
සත්‍යාවබෝධයට පියගැට පෙළක්:- 12 : අපටම වරදින්න හේතුව: ලෝකයේ ආගම් 4000 ක් ඇත. ඒ හැම ආගමකම මිනිසුන්ට අනුව තමන්ගේ ආගම නිවැරදිය, අන්‍යයන්ගේ ආගම් වැරදිය. අපට අන්‍යාගම් වල ඇදහිලි විශ්වාස සහ උපචාරයන් දකින විට හිනා යන්නාක් සේම අන්‍යාගමිකයන්ටද අපේ වැඩ දුටු විට හිනා යයි.
හොදින් කල්පනා කලොත් අප සියලු දෙනාම සිටිනුයේ අවිචාරවත් ඇදහිලි විශ්වාස සහ උපචාරයන් තුලට සිරවුන ගමන්ය.
අපට අපගේ විශ්වාසයන් සහ ක්‍රියාවන්හි වැරදි අඩුපාඩු නොපෙනේ. අපගේ දියුණුවට සහ ජයග්‍රහණයට ඇති ප්‍රධානතම බාධාවද එයයි.
අන්‍යාගමිකයන් සමග සසදා බලන කල්හි බෞද්ධයන්ටම උරුම වූ විශේෂිත දුබලතා රැසක් ඇත. අප ඒ දුබලතා වටහා ගත යුතු වන්නේ සංසන්දනාත්මකවය.
ඉස්ලාමය ලොව වේගයෙන්ම ජනප්‍රිය වන ඇදහිල්ලයි. ඔවුන්ගේ ඇදහිල්ල ආරම්භ වනුයේ “ ජයග්‍රහණය සදහා එක්වෙමු” යන පාඨයෙනි. ඔවුහු වසර 1500 ක් පුරා එකමුතුව ක්‍රියා කරමින් ලොව බලවත්ම පිරිස බවට පත්වූහ. අද ඔවුන්ගේ ඉලක්කය ඔවුන්ටම අයත් ලෝක රාජ්‍යයකි. අවාසනාවකට ඒ ලෝක රාජ්‍යය තුල කුෆාර් වරුන්ට හෙවත් අවිශ්වාස කරන්නවුන්ට ඉඩක් නැත.
බෞද්ධයන් වන අපගේ ආගම ආරම්භ වනුයේ “ මානිවත්ථ අභික්ඛම” යන පාඨයෙනි. බෞද්ධයෝද ඉස්ලාම් බැතිමතුන් මෙන් ලෝක රාජ්‍යයක් ගැන කතා කරති. ලෝක රාජ්‍යයේ නායකයා සක්විති රජ නම් වේ. සක්විති රජෙකු බිහිවීම පිලිබද බෞද්ධ කතන්දරය තනිකරම ගුප්ත විශ්වාස මත පදනම් වූවකි. පිනට පහල වන “චක්‍රරත්න” නම් අමුතු ආයුදයක බලයෙන් මුලු ලොවම අත්පත් කර ගන්නා සක්විති රජු අවසානයේ අන්‍ය රජවරුන් තම යටතේ තබා පාලනය ගෙන යයි.
බෞද්ධයන්ට තම උටෝපියාව වන සක්විති රාජ්‍යය වෙත ප්‍රවේශ වීම සදහා මගක් පෙන්වා දී නැත. නමුත් ඉස්ලාමය තුල ජිහාඩය, ටකියා වැනි සාර්ථක සංකල්ප තුලින් ස්වකීය ලෝක රාජ්‍යයට ප්‍රවේශ වීමේ නිශ්චිත ගමන් මාර්ගයක් පෙන්වා දී ඇත. වසර 1400 ක් පමණ අඛණ්ඩව සිදුවූ ජිහාඩ් සංග්රාමයන්ගේ ඉලක්කය වූයේද ලෝක රාජ්‍යයකි. 1975 දී සෞදි අරාබියද 1979 දී ඉරානයද ස්වකීය ලෝක රාජ්‍ය වැඩපිලිවෙලට අවතීර්ණ වූහ. ඔවුන්ට අමතරව ලොව පුරා ත්‍රස්ත කල්ලි රැසක් තම තමන්ගේ මට්ටමින් ලෝක රාජ්‍ය වැඩපිලිවෙලට එක්ව සිටිති. ඒ ත්‍රස්ත කල්ලි වලට ආධාර උපකාර සපයනුයේ ඉරානය ඇතුලු ලෝක රාජ්‍ය සංකල්පයට පණ පොවන රාජ්‍යයන් විසිනි. ඉරානය, සෞදි අරාබිය, කටාර්, ඊජිප්තුව වැනි රාජ්‍යයන් තුල වෙසෙන ආගමික නායකයෝද ධන කුවේරයෝද ලෝක රාජ්‍ය වැඩපිලිවෙලේ දායකයෝ වෙති. ඔවුන් අතර මත ගැටුම් පැවතියද ඔවුන් සියලු දෙනාම ක්‍රියාත්මක වන්නේ එකම අරමුණක් මත එකම එතිකල් කෝඩ් එකකට අනුවය. ඒ නිසා නුදුරු අනාගතයේ යම් දිනක ඔවුන් සියලු දෙනාම තනි පෙරමුණක් ලෙස එක්වීමේ ඉඩකඩ වැඩිය.
ඉස්ලාම් බැතිමතුන් ඉතා දක්ෂ ලෙස සහ උපක්රමශීලීව තම අභිමතාර්ථ සාධනයේ යෙදෙන අතර බෞද්ධයන් කරන්නේ කුමක්ද?
ඔවුන්ගෙන් එක් කොටසක් බුදුන් උපන් තැන ලංකාවේ යැයි කියමින් මාධ්‍ය සන්දර්ශන කරති. තව පිරිසකි පාලි පද වලට සිංහල අරුත් දෙති. තව අය විකාර පූජා තබමින් තමන්ගේද අනුන්ගේද ධනය හානි කරති.
තවමත් මෙරට බහුතරය බෞද්ධයන්ය.
මෙරට බෞද්ධයන් විකාර පූජා මුදල් නාස්ති අත්හැර තනි අරමුණකට පැමිණ ස්වකීය දියුණුව සදහා ගමනාරම්භ කලහොත් ලොව ප්‍රබලම ජාතිය බවට පත්වීමට කොපමණ කල් ගත වේද?
වසර 500ක්? 50 ක්? 5 ක්?
නැත. මාස හයක් තුල ලොව ප්‍රබලම ජන කොට්ඨාශය බවට පතිවීමට අපට හැකිය. ඊට අවශ්‍ය වන්නේ සාධනීය අරමුණක් පෙරදැරිව පරමාදර්ශී නායකත්වයක් යටතේ ඒකරාශී වීම පමණි.
මා පිටසක්වල බුදුදහම නමින් විකටයෙකුගේ සළුපිලි අන්දවා ඔබ වෙත ප්රදානය කර ඇත්තේ ඒ අති ප්‍රබල ගමන් මාර්ගයයි. මා ඊට විකට මුහුණුවරක් එක් කර ඇත්තේ තාක්ෂණික ප්‍රයෝගයක් ලෙසය.
මා විසින් ඉදිරිපත් කල අක්ෂෝභ්ය න්‍යායයන් වර්ධක න්‍යායයන් ඇතුලු සියලු ප්‍රතිපදාවන්ගේ අවසන් ඉලක්කය ඔබ අප සැමගේම නිසක ජයග්‍රහණයයි. අවාසනාවකට මෙන් වැඩි දෙනෙකුට තවමත් මා පෙනෙන්යේ විකටයෙකු ලෙසය.
Nilantha Hettige
Sadaham Sarana - Copyright . All rights reserved.