by Admin
19 Feb, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
ඥාන දර්ශනය.
ඥාන දර්ශනය:-1:
ඥාන දර්ශනය:-1:
බෞද්ධයන්ගෙන් 99.99% ක්ම බුදුදහම වරදවාගෙන තේරුම් ගෙන ඉන්නෙ.
මේ කතාව කියන හැම වාරයක් පාසාම මම නිකරුණේ නූගත් මිනිසුන්ගෙ වෛරයට සහ හාස්‍යයට භාජනය වෙනව.
කමක් නෑ..
මම මේ කතාව නැවත නැවතත් කියන්නෙ හැම දෙනෙකුම පාහේ පාර වරද්දගෙන තියෙන බව මෙ සහතිකව කිව හැකි නිසා.
අද අදහන බුදුදහම බුදුහාමුදුරුවො වදාරපු දහමෙන් ගව් ගානක් දුරයි.
අපේ රටවල අදහන ථෙරවාදය හැදෙන්න ගත්තෙ දෙවන ධර්ම සංගායනාවෙ සිට. හරියටම කීවොත් ඛුද්ධක නිකාය එක් වීමෙන්.
ඛුද්ධක නිකායේ සමහර තැන් වලින් බුදුන් වහන්සේ සර්වබලධාරී දෙවියෙකු හා සමාන කෙරෙනව. තෙසැත්තෑ ඥාන ආදිය හදුන්වා දෙන ලද්දෙ ඔය කාලෙ.
ඇත්තටම බුදුන් වහන්සෙට අවශ්‍ය වුනේ නෑ තමන්ගෙ රූපයක් ලග දණ ගහගෙන අඩුපාඩුකම් සපුරල දෙන්න කියල යාඥා කරන පිරිසක්. නමුත් අද බෞද්ධයො එවැනි පිරිසක්. පන්සලට ගියත් කුටුකුටු ගාල ගාථාවන් කියල ඊට පස්සෙ බුද්ධ ප්‍රතිමා ළග දණින් වැටිල මොනවහරි ඉල්ල ඉල්ල කන්නලව් කරනව. ඕක වස වැරැද්දක්.
බුදුන් වහන්සේ දැන් නෑ. ඒ නිසා උන්වහන්සේගෙ රූපයක් ලග වැද වැටිල මොනව ඉල්ලුවත් ලැබෙන ප්‍රතිපලය හිස් එකක්.
අනික බුදුදහම තුල රූප ඇදහිල්ලක් නෑ. මුල් කාලෙ කිසිම කෙනෙක් බුද්ධ රූප අදින්න ඉදිරිපත් වුනේ නෑ.
නොදැකපු කෙනෙකුගෙ රුවක් කොහොම අදින්නද?පලමු බුද්ධ රූප කණිෂ්ක රජුගෙ කාලයට අයත්. කණිෂ්ක රජු තමයි බුදුදහම ප්‍රතික්ෂේප කරල මහායානය පැල කරපු කෙනා. සමාව නොලැබෙන වරදක් කල කෙනෙක්.
අද මිනිසුන් බුද්ධරූප වලට වදින්නෙ මහායාන සම්ප්‍රදායට අනුව.
බුදුහාමුදුරුවො අපට ඉගැන්නුවෙ ප්‍රතිපදාවක්. උන්වහන්සෙ දෙසූ ගමනාන්තය වූ නිවන හුදෙක් ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන්නෙ නෑ. එකින් එක එකින් එක ඉලක්ක සපුර ගන්න ඕන.
භෞතික ලෝකයේ ඇති මායාකාරී ස්වභාවය වටහා ගන්න ඕන. භෞතික ලෝකයත් එක්ක තියෙන බැදීම් එකිනෙක ලිහා ගන්න ඕන. අපේ මිනිස්සු කරන්නෙ බුද්ධාගම අදහනව කියල තව තවත් භෞතික ලෝකය බදා ගන්න එක.
මම මේ කතා කරන්නෙ දීර්ඝ කාලයක් බුදු දහම හදාරල ඉතාම නිරවුල් අවබෝධයක් ලැබීමෙන් පස්සෙ.
බුදුදහම හරියට වටහ ගත්තට පස්සෙ ලෞකික බැදීම් පස්සෙ දුවන්න හේතුවක් නෑ. යමෙක් ලෞකික බැදීම් වලට ආස කරනව නම් එයා බුදුදහම වටහගෙන නෑ.
නිකමට හිතන්න අද කාලෙ හාමුදුරුකෙනෙකු ගැන. ගිහිගෙය අතහැර ගිහින් මොකද කරන්නෙ..? පන්සල බදා ගන්නව. ඉඩකඩම් බදා ගන්නව. තනතුරු තාන්න මාන්න රැස් කරනව. ගිහියන් හීනෙනින් වත් නොහිතන වැරදි කරනව. ඇයි එහෙම කරන්නෙ..?
දහම් ඇස පහල නොවූ බැවින්.
සූත්‍ර පිටකයේ මෙසේ සදහන්ය.
පලමුව දහම් ඇස පහල කර ගන්න.
එතැන් පටන් ඔබට තවත් මාර්ගෝපදේශකයෙක් අවශ්‍ය නොවේ .
නිලන්ත හෙට්ටිගේ.