by Admin
19 Feb, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සදහම් සරණ නාමයෙන් නොකෙරෙන දේ.
සදහම් සරණ මූලික පරමාර්ථ:-
සදහම් සරණ මූලික පරමාර්ථ:-
1. මාර්ගපලලාභීන්ගේ යුගය බිහි කිරීම
2. පිරිසිදු බුදුදහම නැවත හදුන්වා දීම
3. බෞද්ධ බලය තනි බලවේගයක් බවට පත් කිරීම
4. මිත්‍රත්වයේ පාලම් තුලින් බෞද්ධයන් බලවත්ම ජන කොට්ඨාශය බවට පත් කිරීම
5. කුසල් රැස් කිරීම
සදහම් සරණ වැඩසටහන් ක්‍රම:-
1. ධර්ම චාරිකා
2. ධර්ම සාකච්ඡා
3. මිත්රපෝෂී - මිතුරු හමුව
4. භාවනා වැඩසටහන්
5. දිළින්දන් සොයා දන් දීම
6. බණපොත් මුද්‍රණය කර බෙදා හැරීම
සදහම් සරණ නොකරන දේ
1. උද්ඝෝෂණ
2. උපවාස
3. ශීල “ව්‍යාපාර”
4. ශබ්ද පූජා
5. පෙරහැර
කිසිදු හේතුවක් මත විවේචනය නොකරන දේ
1. ඇදුම් පැළදුම්
2. ආහාර පාන ගන්නා වෙලාව ප්‍රමාණය
3. පෞද්ගලික ජීවිතයේ සබදතා
4. කුලය හෝ ජාතිය
5. පෙනුම
සදහම් සරණ සාධන මට්ටම් අනුපිලිවෙල
S3: අක්‍රිය සාමාජික:- සදහම් සරණ whatsapp group ට ඇතුලත් අයෙකි
S4: සදහම් සරණ වැඩසටහනට සක්‍රියව සහභාගි වේ. ධර්මය හදාරයි. සෝවාන් මාර්ගයේ ගමන් කරයි.
S5: සංවිධානයේ කළමනාකරණ කටයුතු වල
නිරත වේ.
S6: මාර්ගපලලාභීන්, අභිංඥාලාභීන් ඇතුලත් දෙවන පෙල නායකත්වය
S7:(UBO) විශ්ව බෞද්ධ සන්ධානයේ මග පෙන්වීම, සාමාජිකත්වය සහ අනුමැතිය ලත් පලමු පෙල නායකත්වය:
සෑම සාමාජිකයෙකුම තම සාධන මට්ටම හැකි ඉක්මනින් ඉහලට ගෙන ඒමට ක්‍රියා කළ යුතුය.
S6 නායකත්වය කරා හැකි ඉක්මනින් ගමන් කළ යුතුය.
S7 මට්ටම පිලිබද සියලු නිගමන ලබා දෙන්නේ UBO හි නායකයන් දෙපල විසිනි.
සදහම් සරණ
1. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දේ
2. මුල් බුදුසමය පමණක් ව්‍යාප්ත කරයි.
3. අන්‍යාගමික ප්‍රචාරණ වැඩසටහන් වල හොද දේ උපුටා ගනී
4. නිරතුරු ප්‍රතිසංවිධානය කෙරේ
5. සාමාජිකයන් අඛණ්ඩව ඇගයීමට ලක් කෙරේ.
මම බුදු දහමේ වෙනස් ආකාරයක් ඉදිරිපත් කරන්නෙ වැදගත් හේතුවක් ඇතුව. අද වන විට “ජනප්‍රිය බුදුදහම” ශීඝ්‍රයෙන් පසුබැස යමින් පවතිනව. බෞද්ධයන්ගෙන් අඩකට වඩා නිර්ආගමිකයි. සම්පාදායික බුදුදහමේ එන සමහර තැන් විද්‍යාව සමග පෑහෙන්නෙ නෑ. මම කියන්නෙ සරල දෙයක්. කොයි පැත්තෙන් හරි කමක් නෑ අපට ඕන හොද දේවල්. ඒ දේ අපේම විය යුතු නෑ.
හීනයානෙන් මහායෙනෙන් හරි මොන යානෙන් හරි කමක් නෑ ඇත්තක් කියවෙන තැනදි අපි ඒ ඉගැන්වීම් අපේම කර ගන්න ඕන.
අපේම දේවල් වුනත් වැඩක් නෑ බුද්ධිමතුන්ගෙ උපහාසයට ලක්වන පට්ටපල් බොරු බේගල් නම්.
ඒ වගේම අපේ ආගම් ඇදහිල්ල අනුන්ට හිරිහැරයක් විය යුතු නෑ.
අපේ ඇදහිලි අනුන් මත බලෙන් පටවන්න අපට සදාචාරාත්මක අයිතියක් නෑ.
අපේ පෞද්ගලික රුචි අරුචිකම් ආගමික ලේබලයෙන් ඉදිරිපත් කිරීම වැරදියි.
සදහම් සරණ නාමයෙන් නොකෙරෙන දේ.
1. ප්‍රදර්ශනාත්මක පූජාවන්
2. අරුත්සුන් ක්‍රියා
3. නාස්තිකාර ක්‍රියා
4. සාමාජික මුදල් එක්රැස් කිරීම
5. ජීවත්වන පුද්ගලයන් විවේචනය
6. වාර්ගික සහ ආගමික සමගියට බාධා වන ක්‍රියා
නිලන්ත හෙට්ටිගේ.