by Admin
19 Feb, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
රහත්ව ඒ බව නොදැන සිටිය හැකිද?
රහත්ව ඒ බව නොදැන සිටිය හැකිද?
අර්හත්වයට පැමිණ සිටි භික්ෂුවක් ඒ බව නොදැන දිගටම විදසුන් වඩමින් සිටියේය. ඒ බව බුදුන් වහන්සේගේ අභිංඥාවන් අනුව වැටහුනි. එයින් භික්ෂුවට අන්තරායක් වන බව දැන උන් වහන්සේ එතැනට වැඩම කලහ. එකල්හි “ විසුද්ධි පරීක්ෂාවක්” කර ගන්නා මෙන් බුදුහු භික්ෂුවට නියම කලහ.

1. තමන් නැසූ කෙලෙස් කවරේද?
2. ඉතිරි කෙලෙස් කවරේද?
යන කරුණු නුවණින් විමසා දැන
ගැනීම විසුද්ධි පරීක්ෂාවයි.
එම භික්ෂුව විමසා බලා ප්‍රකාශ කලේ කෙලෙසුන් කිසිවක් ඉතිරිව නොමැති බවයි. ඊට හේතුව රහත් පලයට පැමිණීම බව බුදුන් වහන්සේ දෙසූහ.
මේ කරුණ අන්තර්ගත වන්නේ සංයුක්ත නිකායෙහිය. එම විස්තර අනංගන සූත්‍රයේ එන කරුණු හා පෑහේ.
මේ අනුව, රහත්ව නොදැන සිටීමට හේතු දෙකක් පෙනේ.
1. විදර්ශනායානිකයෙකු වීම
2. විසුද්ධි පරීක්ෂාවක් නොකිරීම
විසුද්ධි පරීක්ෂාව කරන ආකාරය තවත් සූත්‍රයක සදහන් වන්නේ “ යතු කැටයකින් ලීයක් මට්ටම් කරන වඩුවෙකු වරින් වර ලීයට ඇස තබා බලන්නාක් මෙන් විදසුන් වඩන භික්ෂුව (නිතරම නොව) වරින් වර තමන් රහත් වී ඇත්ද යන්න පරීක්ෂා කළ යුතු බවයි.
කෙසේ නමුත්,
1. සමථයානික
2. ශුද්ධ විදර්ශක
3. සමථ විදර්ශක
4. ශුෂ්ක විදර්ශක යන සතර කොට්ඨාශයෙන් ශුද්ධ විදර්ශකයන්ටම පමණක් රහත් පලය නොදැන සිටීමේ අනතුර ඇති බව පෙනේ. රහත් බවින් පිරිහීමේ අනතුරද ශුද්ධ විදර්ශකයන්ටම පමණක් පවතින බව ප්රත්යක්ෂ ලෙස පෙන්වා දිය හැකිය.