Working: 8.00am - 5.00pm
මාර දිව්‍යපුත්‍රයා පිලිබද රහස්-1 මාරයා ලංකාවෙ බුදුදහම නසන්න සුපිරි සැලැස්මක් හදනව. මාරයා එයාගෙ පුතෙක් සහ පිරිවර මුදා හරිනව මනුස්සයො වෙල ඉපැදිල වෙනස් බුද්ධාගමක් හදන්න. ඔන්න එහෙම ආපු කට්ටිය තමයි අලුත් නිකාය හද හද විනය කඩමින් බුදුදහම විනාස කරන්නෙ.
මාර දිව්‍යපුත්‍රයා පිලිබද රහස්-1
දෙදහස් විසිහයේ කැලැන්ඩරේ බලන්න. මැයි පලමුවෙනිද වෙසක් පෝය. දෙවැනිද ඊට පසුදින රජයේ නිවාඩුව. හදිසියේම වෙසක් පෝය මාසයක් පස්සට යනව. කලින් සම්මත කරපු වෙසක් පෝය මෙලෝ රහක් නැතිව ගෙවිල යනව. පෝයට පස්සෙන්ද නිකංම නිවාඩු ලැබෙනව.
මේ සිද්ධ වෙන්නෙ මොකක්ද?
මෙව්වට තමයි පෙරමග ලකුණු කියන්නෙ. ඒ කියන්නෙ ශාසන අන්තර්දානයෙ නිශ්චිත පෙරමග ලකුණු.
මේ හැම විකාරයක්ම සිදු වෙන්නෙ මාර බලපෑමෙන්.
අපි දැන් ඒ කොහොමද කියල බලමු.
බුද්ධ ශාසනය ලංකාවෙන් අතුගාල දාන්න මාර දිව්‍ය පුත්‍රය තීරණය කලේ 1967 දි විතර.
මාරයා හැම නිතරම බුද සසුන මකල දාන්න මොනව හරි අටවල එවනව. ඔහුට ආරංචි වුනා තුසිත දෙව්ලොව වැඩ ඉන්න මෙතේ බෝසතුන්ගෙ නියෝජිත පිරිසක් එක එක්කෙනා මනුස්ස ලෝකෙට ලංකාවට ඇවිත් මනුස්ස ශරීර වලින් යුතුව බෞද්ධ පුනර්ජීවනයකට උත්සාහ කරනව කියල.
මාරයා ලංකාවෙ බුදුදහම නසන්න සුපිරි සැලැස්මක් හදනව. මාරයා එයාගෙ පුතෙක් සහ පිරිවර මුදා හරිනව මනුස්සයො වෙල ඉපැදිල වෙනස් බුද්ධාගමක් හදන්න. ඔන්න එහෙම ආපු කට්ටිය තමයි අලුත් නිකාය හද හද විනය කඩමින් බුදුදහම විනාස කරන්නෙ.
මෙතේ බුදුන්ගෙ පිරිවරේ නායකත්වය ලැබෙන්නෙ වජ්‍රධර කියන දෙවියට. ඔහු වජ්රායුධය සහිත තමන්ගෙ ශරීරය දෙව්ලොව තියල මනුස්සයෙකුගෙ ඇගට ඇතුලු වෙනව. ඒ මනුස්සය වයස අවුරුදු දෙකහමාරක පොඩි ලමයෙක්. එයා කලින් සැලසුමට අනුව වජ්රධරයන්ට ශරීරය භාර දීල නැවත දෙව්ලොව යනව.
දැන් අර ශරීර කූඩුව ඇතුලෙ ඉන්නෙ වජ්‍රධර දෙවියා. එයා සාමාන්‍ය මිනිසෙකු විදියට කනව බොනව හැදෙනව. නමුත් එයා දන්නව තමන් ආවෙ අහවල් වැඩේට කියල.
2012 මාර්තු මාසයෙ දෙවිවරු සහ පිටසක්වල මුණිවරු අපේ නිවසට වැඩම කරල 2030 දි මේ රටෙන් බුදුදහම අතුගෑවෙන්න අමුතු වැඩ රැසක් සිද්ධ වෙන බව කියල එයින් බේරෙන්න අවශ්‍ය වැඩ පිලිවෙල විස්තර කරල යන්න ගියා.
ඒ සාකච්ඡා පැවති සති දෙකක් පමණ කාලය තුල මුලු ප්‍රදේශයම දුමකින් වැහිල තිබුණෙ. ඒ පිටසක්වල යානා තව අය නොදකින්න. ඒ විතරක් නෙවෙයි ඒ සති දෙක තුල මුලු රටේම තැනින් තැන පිටසක්වල යානා දර්ශනය වුනා.
මගේ හිතවතුන් හත් දෙනෙකුට විතර පිටසක්වල බෝසත්වරු දෙවිවරු පෙන්නල දෙන්න මට හැකි වුනා.
මේ රහස් වලින් වැඩි ප්‍රමාණයක් දන්නෙ මගේ මුල්ම ශිෂ්‍යයන් අතර හිටපු ගුණරත්න.
ගුණරත්න කියන්නෙ ගුප්ත විද්‍යාවෙ රහස් රැසක් දැන සිටි අයෙක්. නමුත් ඔහු 2023-12-28 අවාසනාවන්ත ලෙස දිවි නසා ගත්තා. ඔහු ජීවතුන් අතර සිටියා නම් මා කියන එකක් හෝ බොරු නොවන බව සනාථ කරාවි.
කොහොම නමුත් මම අද කියන්නෙ සරල පණිවුඩයක්. ලංකාවෙ මම හැර බෞද්ධයො සේරම මාරයාගේ අණසකට යටත් වෙලා. ඒකයි භේද භින්න වෙලා විනාශයේ ගමන් මාර්ගයෙ යන්නෙ.
එතකොට මට මාර බලපෑම් නැද්ද? තියෙනව. මාරයා මට බලපෑම් කරන්නෙ මුහුණට මුහුණලා ඇවිත්. මාරයා මට ඔච්චම් කරල තියෙනව පුලුවන් නම් බුද්ධ ශාසනය රැකගෙන පෙන්වන්න කියල. මාරයා කියන හැටියට මට උදව් කරන හැමෝටම මාර බලපෑම වැහිල උමතු කරල වෙන වෙන අරමුණු කරා යවලලු තියෙන්නෙ.
2013 සැප්තැම්බර් මාසයෙදි මම භාවනා කරන කොට දැක්කා මාරයාගෙ දූතයෙක් ඇවිත් ගුණරත්නගෙ ඔලුව ඇතුලට සියුම් උපකරණයක් ඇතුලු කරනව. ඒ පාර මට හාමුදුරු කෙනෙක් කෝල් එකක් දුන්නා. ගුණරත්න භාවනා පාඩමක් උගන්වන අතරෙ සිහි නැතිව වැටුන කියල. ගුණරත්න සිහිය ඇවිත් මට දුරකතනයෙන් කතා කරල කීවා මාරයෙකු ඇවිත් සියුම් උපකරණයකින් පහර දුන්නා කියල. ඒ උපකරණය හිස් මුදුනින් ඇගට ඇතුලු වුනා කියල. ඒක නැනෝ තාක්ෂණයෙන් හදපු ට්‍රාන්ස්මිටර් එකක්. ඒක හරහා තමයි මාරයා ඔහුට උපදෙස් දෙන්නෙ.
මම ගුණරත්නට කීවා ඔයා මාර බලයට යටත්.
ඔයා මගෙත් එක්ක අමනාප වේවි.
ඔයාට 2014 අප්‍රේල් මාසය අවසන් වෙන්න කලින් ඇදිවත විතරක් අරගෙන ගෙදරින් ගිහින් තැන් තැන් ගානෙ ඇවිද ඇවිද ඉදල අතේ සත පහක් නැතිව මැරිල යනව කියල.
ගුණරත්න මාර බලපෑමට යටත් වෙල මට සමච්චල් කරල හරියටම අර කිව්ව විදියට 2014 අප්‍රේල් මාසයෙ ගෙදරින් ගියා. ඇදිවත විතරයි යනකොට අරන් ගියේ.
ගුණරත්න ඒ පාර කලේ මගේ ගෝලයො පන්සීයක් විතර අරගෙන මම හදපු සදහම් සරණ එයාට ඕන විදියට වෙනස් කරල මුදල් රැස් කරපු එක. මාර බපපෑමෙන් හිත අවුල් වෙල හිටපු ගුණරත්න ඔය පාස්කු ප්‍රහාරය පවා කලින් දැකපු කෙනෙක්. ලංකාවෙ රහස් රැසක් දැන සිටි කෙනෙක්. ඔහු තරම් දක්ෂ කට්ටටියෙක් ලෝක ඉතිහාසයෙම හිටියද කියල සැකයි. ගුණරත්නට ඒ දවස්වල ඔහු ඉන්න තැන ඉදගෙන මම ඉන්න තැන වටේ විස්තර ඔක්කොම කියන්න පුලුවන්. මම කියන දේ සැතපුම් සිය ගණනක් දුර ඉදගෙන අහන්න පුලුවන්.
Sadaham Sarana - Copyright . All rights reserved.