Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙලක්-1
සත්‍යාවබෝධයට පියගැට පෙලක්-1
බුදුදහම ගැන ලියන්නට ගොස් මට ලැබුණු දේට වඩා අහිමිවූ දේ වැඩිය. බුදුදහමේ හිමිකරුවන් ලෙස රංගනයෙහි යෙදනෙ පිරිස් වල සහ එබදු පිරිස් වල නායකයන්ගේ අඩුපාඩු පෙන්වා දීම නිසා බොහෝ දෙනෙක් මේ වන විටත් මා පරම සතුරෙකු ලෙස සලකන්නට පටන් ගෙන ඇත. එනමුත් සත්‍යවාදීව සත්‍යය ලියා තැබීම මාගේ පරම යුතුකමක් යැයි හැගේ.
ලංකාවේ බෙෘද්ධයන් වැඩි පිරිසක් සිතා සිටිනුයේ ලක්දිව බුදු සසුන වසර පන්දහසක් කල් රැකදීමට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් දිවා රෑ නොබලා කටයුතු සම්පාදනය කරන බවයි. එසේම මෙරට බුදුසසුන පන්දහසක් කල් රැකෙන බව සිතන පිරිස බොහෝ වෙති.
එම වැරදි වැටහීම් වලට මූලිකව හේතු වී ඇත්තේ මහාවංසයේ 7 වන පරිච්ඡේදයේ සහ අංගුත්තර නිකාය අට්ඨකතාවේ අන්තර්ගත විකාර කතා දෙකකි.
සමස්ථ තුන් පිටකයම ගෙන බැලුවත් එවැනි කරුණක් සොයා දැන ගැනීමට නැත.
අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රය අනුව බුදුසසුනේ ආයුෂ වසර 500කි. විනය පිටකය අනුව අෂ්ඨ ගරුධර්ම පිලිගැනීමෙන් පසු එය වසර 1000ක් දක්වා දිගුවිය. ඔය කොයි විදියට බැලුවත් බුදුසසුනේ පරමායුෂ ඉක්ම වසර පන්සීයකට වඩා ගෙවීගොස් ඇති බව පැහැදිලිය.
එසේනම් මෙරට ඇතුලු රටවල් කිහිපයක බුදුසසුන තවමත් පවතිනුයේ කෙසේද?
ඊට දිය හැකි පහසු පිලිතුර වනුයේ ඒ එක රටකවත් බුදුසසුන එහි යථාස්වරූපයෙන් නොපවතින බවයි. ධර් මය අනුව බැලුවත් පිලිතුර එසේය. පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයෙන් පමණක් බුදුසසුන අර් ථවත් වේ. ඒවා නොමැති තැනක බුදුසසුන නැත.
ලංකාවේ ජනප්‍රිය බුද්ධාගම යනු බුද්ධ ධර් මයට අලගු තැබීමටවත් නොහැකි මට්ටමේ ප්රබන්ධයකි.එහි නිර් මාතෘ අනෙකෙකු නොව ත!වේදයේ පරතෙර පැමිණි බුද්ධගෝෂ බමුණු පණ්ඩිතයන්ය. බුද්ධගෝෂයන් මෙරටට පැමිණීමට පෙර බුද්ධගයාවේදී සාර් වස්තිවාදය ප්‍රගුණ කළ බව කියැවේ . එනමුත් බුද්ධගෝෂයන්ගේ ඉගැන්වීම් සාර් වස්තිවාදී මූල ග්රන්ථ සමග නොපෑහේ.
බුද්ධගෝෂයන් මුල් බුදුදහමට කළ හානිය සුලුපටු නොවේ. එය මහපොලව නොඉවසන තරම් හානියකි.
බුදුදහමෙහි එන සරල සුමට සෝවාන් මාර් ගය බුද්ධගෝෂයන් විසින් එහෙමපිටින්ම උදුරා දමනු ලැබීය. ඒ වෙනුවට නවමහා විදර්ශනා ඥාන අනුපිලිවෙලක් ගෙන ආවේ බුදුගොසුන් විසිනි. එසේම සප්ත විසුද්ධි ක්‍රමයට අනුපදිශේෂ නිර් වාන ධාතුව විස්තර කරනු විනා ඒ විධියට මාර් ගපල විස්තර කිරීමක් බුදුදහමේ නැත. එනමුත් බුද්ධගෝෂ මාර් ග පල විස්තර කරන්නේ සප්ත විසුද්ධි ක්‍රමය පදනම් කර ගෙනය. අඩුම තරමේ වඩා පැරණි ග්රන්ථයක් වන විමුක්ති මාර් ගයේ වත් එවැන්නක් සදහන් නොවේ.
බුද්ධගෝෂයන් අපේ ඔලුගෙඩි තුලට ඇතුලත් කළ අත්තනෝමතයන් විස්තර කිරීමට වෙනම පොතක් ලිවීමට සිදුවේ.
දුකට සැපට හේතු වන කරුණු පහක් යනුවෙන් සූත්‍ර පිටකයේ සදහන් කරුණු බුද්ධගෝෂයන් දකිනුයේ නියාම ධර් ම ලෙසය. නියාමයකත් සාධකයකත් අතර වෙනස බුද්ධගෝෂයන් වටහාගෙන නැත. එසේම ත්‍රිවිධ චෛත්‍යයන්ද දස පුණ්යක්රියාද බුද්ධගෝෂයන්ගේම නිර් මාණයන්ය.
මෙය කියවන අය විසින් ප්රධානකොටම වටහාගත යුතු දේ නම් බුද්ධ දේශනයේ සදහන් නිවන් මග ඊට පටහැනි ක්‍රමයකට ප්‍රගුණ කරනුයේ කෙසේද යන්නයි.
රේරුකානේ චන්දවිමල හිමියන් ප්‍රකට ධර් ම ග්රන්ථ රැසක් ලියා ඇති අතර ඒවා බුද්ධගෝෂයන්ගේ ඉගැන්වීම්, ත්‍රිපිටක ඉගැන්වීම් සහ අට්ටකථාවන් සහ පුද්ගලික මතවාදයන්හි සම්මිශ්‍රණයකි. සමහර ධර් ම කරුණු උන්හවහන්සේ විසින් විස්තර කර ඇති ආකාරය මතභේදාත්මකය.
චත්තලීසාකාර විපස්සනා භාවනා කෘතියෙහි ‘ගණ්ඩා‘ යන්න විස්තර කර ඇත්තේ එක් ආකාරයකටය. විදර්ශනා භාවනා ක්‍රමය නම් කෘතියහෙි එය විස්තර කරන්නේ වෙනත් ආකාරයකටය.
එබදු වැරදි පෙන්වා දෙන්නන් පරම සතුරන් ලෙස සලකන තරමට අද සිටින සිව් වණක් පිරිස කෘෘරව සැහැසිව සිටිති.
Sadaham Sarana - Copyright . All rights reserved.